SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මාලිමාණ්ඩුවේ පළවෙනි ඇමති සංශෝධනය වෙලා වැඩිම උනොත් සතියක් ඇති.

අලුතින් ලැබුනු ඇමති ධූරයේ දිව්රුම් දුන් සැනින් අපේ සභානායක සහෝදරයා බිමල් විදෙස් සංචාරයකට ගියා.

බිමල් ඇමතිතුමා ලංකාවට එනකල් නාගරික සංවර්ධනය උණුහුම් වෙලා ලු.

 

 

බිමල් ගේ 'සැර' තීන්දුව දෙස රටම බලන්!

 

මාධ්‍ය ලෝකය සිසාරා පැතිරෙන අලුත්ම 'හොට් නිවුස්' එක තමයි, දේශපාලන පිටියේ මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක්වෙන ඇමති මාරුව ඇයි මේ කියන එක! නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ අධිකාරිය (UDA) අමාත්‍ය අනුර කරුණාතිලක ගෙන් ගලවලා, 'සැර' චරිතයක් විදිහට ප්‍රසිද්ධ අමාත්‍ය බිමල් රත්නායක ගේ විෂය පථයට පැවරීම පිටුපස තියෙන ලොකුම හේතුව මේ වෙද්දි අනාවරණය වෙලා!

 

 

තුම්මුල්ලේ 'පෙන්ටාරා' කෝටි ප්‍රකෝටි සෙල්ලම!

 

කතාවේ ප්‍රධාන නිමිත්ත වෙන්නෙ කොළඹ තුම්මුල්ලේ ඉදිකරන දැවැන්ත 'හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' සුපිරි නිවාස සංකීර්ණයයි.

මේක තට්ටු 40කින් සමන්විත බිල්ඩිමක්!

 

සාමාන්‍ය මිනිහෙකුට තට්ටු 3ක් හදන්නවත් අවසර නොදෙන ප්‍රදේශයක, මේ දැවැන්ත ව්‍යාපෘතියට UDA එක අවසර දීලා තියෙන්නේ 'නීති විරෝධී' විදියට කියලයි බොහෝ පාර්ශ්වයන් අනාවරණය කරන්නේ.

 

බොහෝ අයගේ සැකය වෙන්නේ මේ 'තට්ටු 40ක අනුමැතිය' පිටුපස කෝටි ප්‍රකෝටි ගණනක 'ජරාවක්' සහ දූෂණයක් තිබෙන බවයි.

 

 

දූෂණයේ 'කුණු කාක්කා' - අලුත්ම නාටකය!

 

මේ මගඩියේ 'මහා මොළකරු' විදියට නම් ගෑවිලා තියෙන්නේ UDA හි හිටපු සභාපතිවරයෙක් ගෙ! කොළඹ මහ නගර සභාවේ දූෂණයේ 'කුණු කාක්කෝ' කාපු ගඳ ගහන ක්‍රමය UDA එකට බද්ධ කරලා මුළු ආයතනයම පගාවට යට කළා කියලයි ඔහුට  සෘජු චෝදනා එල්ල වෙන්නේ.  මාලිමාණ්ඩුවේ පළවෙනි නාගරික සංවර්ධන ඇමති පත්කළ ඔහු ගැන හොඳක් කියලනම් ඇහෙන්නෙම නැති තරම්.

 

 

ඒ හින්ඳ අදූෂිතයි කියන ආණ්ඩුවම ගිනි ගන්නා මොහොතක් මේක!

නමුත්...ඒ සියල්ල ගලාගෙන යද්දි හරිම අපූරු වැඩක් මාලිමාණ්ඩුව කරන්නෙ.

 

මේ චෝදනාව ලබන ඔහුට ඉදිකිරීම් සහ ජලය සම්බන්ධ අමාත්‍යාංශයේ ලේකම් ධුරයක් ලැබිලා! කනිං කොනිං ඇහෙන විදිහට නම් දූෂණ චෝදනා තියෙද්දීත්, ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය 13 වැනිදා මේ පත්වීම දීමෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්නාර්ථයක් මතුවෙලා. මේ 'මාලිමාවට හොඳටෝම දෝදු නිසාද?' කියලා දැන් කවුරුත් කට කොනින් හිනාවෙනවා!

 

මේ අතරෙ, නීති විරෝධී විදියට ඉදිකරන මේ තට්ටු ගොඩනැගිල්ලට එරෙහිව ජනතා විරෝධය දිනෙන් දින ඇවිලෙද්දී, හිටපු සභාපති මහත්තයා 'භූමිතෙල් වැදුණු ගැරඬියකු සේ දඟලමින්' තමන්ගේ ජරා වැඩේ වහන්න උත්සාහ කරන බවටත් අපිට අලුතෙන් ආරංචි වෙනවා.

 

බිමල් රත්නායකගේ 'සැර' තීන්දු!

 

මේ සියලු දූෂණ, වංචා සහ පරිසරයට එරෙහි අක්‍රමිකතාවන්ට ඇමති අනුර කරුණාතිලක සෘජුව සම්බන්ධ නැතත්, මේ තක්කඩි වැඩ ගැන ඇස් පියාගෙන ඉඳීමත්, මුල්ගල් තියලා සැමරීමත් බරපතල වරදක් කියලා දේශපාලන ගොසිප් ලෝකේ කතා වෙනවා. ඒ නිසා වෙන්න ඇති, ජනාධිපතිවරයා මේ UDA එකේ විෂය පථය අර 'සැර' චරිතය බිමල් රත්නායක සහෝදරයාට පැවරුවේ!

 

බිමල් කියන්නෙ තමන්ට එරෙහිව වැඩ කලොත් පළමු මොහොතෙම තරාතිරම නොබලා ඒ ලොක්කන්ව පන්නල දාන වර්ගයේ කෙනෙක් කියලනම් දැන් මුළු රටම දන්නවා.

 

බිමල්ගෙ අමාත්‍යාංශවල සභාපතිවරුනම් කී දෙනෙක්ට යන්න උනාද?

ඒවා හරිම සාධාරණ හේතු කියල ටික දවසක් ගියාම හැමෝටම තේරුණා.

 

කොහොම උනත් අලුත් ඇමති බිමල් රත්නායක මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටියත්, විශ්වාස ආරංචිමාර්ග වලින්  පැවසුනේ ඇමතිතුමා ලංකාවට පැමිණි වහාම මේ මගඩිය ගැන තීරණාත්මක තීන්දුවක් ගන්නා බවයි!

 

අදාළ ඉදිකිරීමේ නිර්ණායක, සුදුසුකම් දුන් ආකාරය සහ සිදුව ඇති අක්‍රමිකතාව දූෂණයකට සම්බන්ධද යන්න පිළිබඳව සොයා බලා, තක්කඩින්ට දඬුවම් දීමටත්, නීති විරෝධී ඉදිකිරීම් නවත්වන්නටත් ඔහු සූදානම් වෙනවලු!

 

අපිත් ඔය කියන සංවර්ධන වැඩවලට නම් විරුද්ධ වෙන්නෙ නහැ. ඒත් ලංකාවෙ කොයි තැනට උනත් ඒ තැනට අදාලව ඉදිකිරීම් සඳහා නිර්ණායක තියේනම් ඒවා අනුගමනය කරන ඒක සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නීතියක් වෙලා වැඩක් නැහැ.

මේ ආණ්ඩුව බලයට පත් උනේ අන්න ඒ වගේ හොරිකඩ වැඩ නවත්වන්න.

 

දැන් ප්‍රශ්නය මේකයි:

 

අවසානයේදී බිමල් රත්නායක ඇමතිතුමා 'නිකංම සැර දමා' කතාව ඉවර කරයිද?

එහෙමත් නැත්නම් තමන්ගේ 'සැර චරිතය' රටටම පෙන්වමින්, මේ 'කුණු කාක්කෝ' සහ කුමුදුලාල්ලා එළවා දමා රටට අලුත් පණිවිඩයක් දෙයිද?

මුළු රටම සීරුවෙන් බලන් ඉන්නේ ඒක දැනගන්නයි!

 

ගිහින් එන්නම්.

 

# political Gossip

නවතම ලිපි