කොළඹ මහ නගර සභාව (CMC) 2025 ඔක්තෝබර් 16 සිට 18 දක්වා හදිසි ආපදා
ප්‍රතිචාර කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
"ඔක්තෝබර් 16 සිට 18 දක්වා ප්‍රකාශයට පත් කරන ලද හදිසි ආපදා තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, කොළඹ මහ නගර සභාව ඔබට සහාය වීමට සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින" බව කොළඹ මහ නගර සභාව සිය වෙබ් අඩවියේ සඳහන් කළේය.
විමසීම් සඳහා කොළඹ මහ නගර සභාව දුරකථන අංක දෙකක් ප්‍රකාශයට පත් කර ඇත:
011-2422222 සහ හදිසි ඇමතුම් අංකය: 011-2686087
ඉදිරි දින කිහිපයේදී චණ්ඩ කුණාටුවක් ශ‍්‍රී ලංකාව දෙසට.. ඇදී එමින් පවතින බවට පසුගියදා කාළගුණ අනාවැකි පලකර තිබුණි.
එහිදී ශ්‍රී ලංකාවේ ඉදිරි දින කිහිපය තුළ දකුණු සහ නිරිතදිග මුහුදු ප්‍රදේශවලින් රට අභ්‍යන්තරයට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් වර්ධනය වීමේ ප්‍රවණතාවක් පෙන්වන බවත්,
Windyට අනුව, දැනට දිවයිනට දකුණින් සහ මාලදිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තද වැසි පද්ධතියක් වර්ධනය වෙමින් පවතින බවත් දැක්විනි.