කොළඹ මහ නගර සභාවේ 'කුණු කාක්කෝ' කාපු, ගඳ ගහන දූෂණයේ අජූත මජර ක්‍රමය
නාගරික සංවර්ධන අධිකාරිය (UDA) තුළට බද්ධ කර, මුළු ආයතනයම පගාවට යට කළ බවට සෘජු චෝදනා එල්ල වන හිටපු සභාපතිවරයාගේ පැටිකිරිය නිසා අදූෂිත යැයි කියන ආණ්ඩුවම ගිනි ගන්නා මොහොත ඇවිත්.
එහෙම තියෙද්දිත් කුමුදුලාල්ව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට පහුගිය 13 වැනිදා ජනාධිපති ලෙක්ම්වරයා විසින් පත්කලේ මාලිමාවට හොඳටෝම දෝදු නිසාද?
මේ අතරෙ තුංමුල්ලේ නීති විරෝධී ලෙස අනුමත වූ, වැඩිපුර තට්ටු 40ක් අනීතිකව ඉදිවෙමින් පවතින දූෂණයේ තට්ටු ගොඩනැගිල්ල ඉදිරියේ, ජනතා විරෝධය දිනෙන් දින ඇවිලෙනවා.
ඒ හින්ඳ දැන් තියෙන තනතුරේ බලයත් පාවිච්චි කොරමින්.. කුමුදුලාල් භූමිතෙල් වැදුණු ගැරඬියකු සේ දඟලමින්, තම ජරා වැඩේ වහන්න උත්සාහ කරන බවට තොරතුරු ඔන්න අපිට අලුතෙන් වාර්තා වෙනවා.
කෝටි ප්‍රකෝටි ජරාව!
'හෝම්ලෑන්ඩ්' ගනුදෙනුවේ මහා මගඩිය!
ජනතා මුදල්වලින් 'කප්පරක් ජරාව' කා ඇති බවට බරපතලම චෝදනා එල්ල වන මේ කුමුදුලාල්, මේ මගඩිය යටගැසීමට දැන් ලහි ලහියේ තමාට තනතුරකුත් නැතිව ආයතනයේ නිලධාරීන්ට බලපෑම් කරනවා.
නීති විරෝධී අනුමැතිය අවලංගු කිරීම වෙනුවට, ඔහු කරන්නේ තමාගේම 'කුණු කාක්කා' දූෂිත ක්‍රියාව නිවැරදි කිරීමට නිලධාරීන් පොළඹවා ගැනීමයි!
මොන බලයක්ද මේ?
දැන් ප්‍රශ්නය: කවුද මේ කුමුදුලාල්?
මොකක්ද මේ මහා හයිය?
මේ ආණ්ඩුව බලයට ආවේ "හොර තක්කඩි ගුහා සුද්ද කරනවා" කියලයි! එහෙත්, නාගරික සංවර්ධන අධිකාරිය දූෂණයේ තක්කඩි නිජබිමක් බවට පත් කළ කුමුදුලාල්, ජාතික ජන බලවේගයේ හිටපු නාගරික සංවර්ධන අමාත්‍යවරයා වූ විජිත හේරත්ගේ ගජයෙක්ද?
අලුත් ආණ්ඩුවේ හාපුරා කියල පත්වෙච්චි විජිත හේරත් ඇමතිවරයාට, 'හොර ගුහාවක්' ලෙස අනීතිකව කප්පන් ගැසීමට අවකාශයක් තිබූ UDA සභාපති පුටුවට, මෙවැනිම පුද්ගලයෙක් පත් කිරීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද?
එහෙම තියෙද්දිත් දැන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයාවරයා විදිහටත් පත්කරලා.
අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා..
මේවා ගැන අපි හිතන්න ඔින මොන වගේද?
ඔයා ෂෝටක් ගහගෙන රේල් පාරෙ ඇවිදලා එනකල් අපි මේවා ගනං නොගෙන නෑසූ කන්වලා බලං ඉන්නද?
මේක අහම්බයක්ද?
එහෙමත් නැත්නම් පෙර සැලසුමක්ද?
බිමල් රත්නායක සහෝදරයා,
ඔබ තවමත් නිහඬ ඇයි?
දැන් විෂය භාර අමාත්‍යවරයා වන්නේ, මෙතෙක් කිසිදු කුණක් තවරා නොගත් බවට ප්‍රසිද්ධ, "සැර" චරිතයක් ලෙසින් හැඳින්වෙන බිමල් රත්නායක යි!
හිටපු ඇමති අනුර කරුණාතිලක මේ වංචාවට සෘජුව සම්බන්ධ නැතැයි කිව්වට, ඇස් පියාගෙන තක්කඩි සභාපතිවරයෙකුගේ බහට ඇහුම්කන් දීලා, සම්මත තට්ටු ප්‍රමාණයට වඩා දූෂණයේ තට්ටු 40ක් වැඩිවෙද්දී ඒ ගැන නොබලා සිටීම වගේම මුල්ගල් තියලා සැමරීමත් බරපතලම වරදක් නොවේද?
නමුත්... අදටත් කුමුදුලාල්ලා මේ දූෂණයේ වේදිකාවේ රඟනවා!
බිමල් රත්නායක ඇමතිතුමනි,
ඔබයි දැන් විෂයභාර අමාත්‍යවරයා.
ඔබ නැති වෙලාවන්හි, ඔබගේ අමාත්‍යාංශය තුළ කුමුදුලාල් නැමැති තක්කඩියාගේ නීති විරෝධී භූමිකාව පිළිබඳව වහාම විපරම් කරන්න!
රටත්, ජනතාවත් බලා සිටින්නේ ඔබ දෙසයි.
ඒත් මේ නීති විරෝධී අනුමැතිය අවලංගු කිරීම පමණක් ප්‍රමාණවත් නෑ.
රටට අලුත් පණිවිඩයක් දිය යුතුයි!
එය කළ හැක්කේත්..එය කළ යුතුවන්නේත් ඔබටම පමණයි
වහාම ක්‍රියාමාර්ග ගත යුත්තේ ඇයි?
එක්කෝ මේ වංචාකාරී, අනීතික, භයානක දූෂණයේ තට්ටු 40 ඉදිකිරීම වහාම නවතා, කුමුදුලාල්ව හෝම්ලෑන්ඩ් සමාගම සමගම එළවා දැමිය යුතුය!
නැතහොත්, නීත්‍යනුකූල තට්ටු ප්‍රමාණය පමණක් ඉතිරි කර, මේ මහා දූෂණයට සම්බන්ධ සියලු ලොකු කුඩා නිලධාරීන් පිළිබඳව වහාම විනිවිද පරීක්ෂණයක් අරඹා තක්කඩින්ට දඬුවම් දිය යුතුය!
සියල්ල ඇත්තේ බිමල් ඇමතිතුමනි, ඔබ සතුවයි!
නිකංම සැර දමා පලක් නැත!
ඔබේ සැර චරිතය ඵලදායී එකක් ලෙස රටට පෙන්වන මොහොත දැන් පැමිණ ඇත!
අපි සීරුවෙන් බලා සිටිමු.
#සමාරා
Political Gossip