ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු
ගාසා තීරයට ඇතුළු කිරීමට අවසර ලබා දී ඇති ආධාර ට්‍රක් රථ සිය ගණනක්, මානුෂීය ව්‍යසනය සමනය කිරීම සඳහා අවශ්‍ය වන දහස් ගණනට කිසිසේත්ම සමීප නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මානුෂීය කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ උප ලේකම් සහ එහි ප්‍රමුඛතම හදිසි ආධාර සම්බන්ධීකාරක ටොම් ෆ්ලෙචර් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, තවදුරටත් ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා සතිපතා මානුෂීය වාහන දහස් ගණනක් ගාසා තීරයට ඇතුළු විය යුතු බවයි.
නව වාර්තාවන්ට අනුව, එක්සත් ජනපදය මැදිහත් වී ඇති සටන් විරාම ගිවිසුම යටතේ ආධාර ට්‍රක් රථ 600 කට පමණ භූමියට ඇතුළුවීමට අවසර ලබා දී ඇති බව ඊශ්‍රායලය පවසයි.
කෙසේ වෙතත්, ටොම් ෆ්ලෙචර් අවධාරණය කළේ ආධාරවල පරිමාණය ප්‍රමාණවත් නොවන බවත්, ස්වේච්ඡා නොවන සංවිධාන (NGO) මෙම කාර්යයට සම්බන්ධ කර ගැනීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවත්ය. යුද්ධය අඩු වීමත් සමඟම සොරකම් කිරීම් ද අඩු වී ඇති බැවින්, විශාල ලෙස ආධාර ගෙන ඒමට සුදුසු කාලය මෙය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ගාසා තීරයේ මානුෂීය තත්ත්වය සමනය කිරීම සඳහා, පවතින සටන් විරාමයෙන් පසුව වුවද හදිසි ආධාර සැපයීම විශාල වශයෙන් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සහන ප්‍රධානියාගේ අදහසයි.
@විදෙස් මාධ්‍ය ඇසුරිනි