(කොළඹ) - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් තමන් අත්අඩංගුවට ගැනීම අපේක්ෂාවෙන්,
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (ඔක්තෝබර් 14) දින ප්‍රතික්ෂේප කරන ලදී.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේ, අල්ලස් කොමිසම විසින් නීති විරෝධී ලෙස පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු අයදුම්පතෙහි අඩංගු නොවූ බවයි. මෙම තීන්දුව ලබා දීමෙන් පසු, අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ, අද (ඔක්තෝබර් 15) දින ප්‍රකාශයක් ලබා දීම සඳහා සිය සේවාදායකයා අල්ලස් කොමිසම හමුවට පෙනී සිටීමට අපේක්ෂා කරන බවයි.
මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ගොනු කර තිබුණේ, පසුගිය රජය සමයේ ඊශ්‍රායලය වෙත කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙනි.
චෝදනා සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නය
මනුෂ නානායක්කාර ට මෙම චෝදනා එල්ල වුවද, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ කාලය, ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ සුවිශේෂී පිබිදීමක් ඇති වූ කාල වකවානුවක් යැයි ක්ෂේත්‍රයේ දත්ත උපුටාදක්වමින් පවසන්නෝ වෙති.
ඒ අනුව 2022 මැයි 20 සිට 2024 අගෝස්තු 09 දක්වා ඔහු මෙම තනතුර දැරූ අතර, විශේෂයෙන්ම රට ආර්ථික අර්බුදයක පැවති සමයේ විදේශ විනිමය ගෙන ඒම සඳහා ඔහු දැඩි උත්සාහයක් ගෙන තිබේ.
ඊශ්‍රායල් රැකියා සහ අමාත්‍යවරයාගේ ස්ථාවරය:
මනූෂ විසින් ඊශ්‍රායලයට කෘෂිකාර්මික සේවකයින් යැවීමේ වැඩසටහන ආරම්භ කරන ලද්දේ, රටේ ක්ෂණික විදේශ විනිමය අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී යම් අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වුවද, අමාත්‍යවරයා එකල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ, මෙම වැඩසටහන හරහා රටට නව රැකියා අවස්ථා රාශියක් ලබා ගැනීමට හැකි වූ බවයි.
ඒ සම්බන්ධයෙන් එකල අදහස් දක්වමින් ඔහු මාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කර තිබුණි: "මම ඊශ්‍රායලයට ගිහින් ආවෙ රැකියා ගොඩක් සොයන්..." මෙම ප්‍රකාශය මගින් ගම්‍ය වන්නේ, මෙම ක්‍රියාවලිය පුද්ගලික ලාභය වෙනුවෙන් නොව, රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ලෙස නව රැකියා වෙළඳපොළක් විවෘත කිරීමට ගත් ප්‍රයත්නයක් බවයි.
අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ කාලය තුළ ඊශ්‍රායලය වෙත සේවකයින් යැවීම සඳහා රජය-රාජ්‍ය (G2G) මට්ටමේ එකඟතා ඇති කර ගැනීමට කටයුතු කර ඇති අතර, ඊට අමතරව ඉදිකිරීම්, හෙද සේවා සහ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ද පුළුල් කිරීමට උත්සාහ ගෙන ඇත. 2024 මුල් භාගයේදී ද කෘෂිකාර්මික අංශය සඳහා 600 කට අධික ශ්‍රමිකයින් පිරිසක් ඊශ්‍රායලයට පිටත් කර යැවීමට ඔහු කටයුතු කර තිබුණි.
එසේ වුවද එවක විදේශ කටයුතු කාර්යාංශයට සම්බන්ධ ඉහළ පෙලේ නිළධාරීන් හා අමාත්‍යවරයා අතර ගැටුයම්ක නිරන්තරයෙන් පැවති බවත් ක්ෂේත්‍රයේ පොදු මාතෘකාවක් බවට පත්ව තිබුණි.
විදේශ රැකියා ක්ෂේත්‍රයේ සනිටුහන් වූ ප්‍රගතිය
මනුෂ නානායක්කාර අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ විදේශ රැකියා ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන් පහත සඳහන් ප්‍රගතියක් අත්පත් කර ගත්තේය:
- විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීම: රටේ ආර්ථික අර්බුදය හමුවේ, විදේශගත ශ්‍රමිකයින්ගේ විධිමත් ප්‍රේෂණ (Foreign Remittances) ශක්තිමත් කිරීමට දැඩි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රුපියල් බිලියන 7 ක වාර්තාගත දායකත්වයක් භාණ්ඩාගාරයට ලබා දීමට කටයුතු කිරීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ.
- සමාජ ආරක්ෂාව සහ 'ගරු සරු': විධිමත් නොවන අංශයේ (Informal Sector) සේවකයින්ගේ අභිමානය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා "ගරු සරු" වැඩසටහන ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කරන ලදී.
- නීති ප්‍රතිසංස්කරණ: කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 'රැකියා පනත' හඳුන්වා දීමට පියවර ගත් අතර, රැකියා විරහිත රක්ෂණ ක්‍රමයක් සහ මාතෘ ප්‍රතිලාභ වැඩි දියුණු කිරීම වැනි නවීන ප්‍රතිපාදන හඳුන්වා දීමට කටයුතු කරන ලදී.
- රැකියා පුළුල් කිරීම: ඊශ්‍රායලය, ජපානය වැනි රටවල් සමඟ නව ගිවිසුම් ඇති කර ගැනීමටත්, හෙද සේවිකාවන් සහ තාක්ෂණික දැනුමක් ඇති සේවකයින් සඳහා අවස්ථා විවෘත කිරීමටත් ඔහු දැඩි ප්‍රයත්නයක් දැරීය.
අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීමත් සමඟ, හිටපු අමාත්‍යවරයා අද(15) දින අල්ලස් කොමිසම හමුවට පෙනී සිටීම, ඉදිරි විමර්ශන කටයුතු සඳහා තීරණාත්මක වනු ඇත. ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් වුවද, විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස ඔහු කළ සමස්ත සේවය, රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කළ බව බොහෝ දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තාවලින් සනාථ වේ. එහිදී සිදුවී යැයි කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් හුදෙක් චෝදනාවන්ට එහා ගිය සාක්ෂි පදනම් වන්නේද යන්න ගැන අප නිරන්තර අවදානයෙන් සිටින්නෙමු.
කෙසේ වුවද, නීතිය හමුවේ චෝදනා විමර්ශනය වීම අනිවාර්ය වන අතර, විමර්ශනයේ ඉදිරි ප්‍රගතිය පිළිබඳව රටේ අවධානය යොමු වී ඇත.
@ මිලානෝ පුබුදු පියංකර