SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ගල්කිස්ස උසාවියේදී පොලිස් නිලධාරියෙක් සහ නීතිඥවරයෙක් අතර වු සිදුවීම දිගින් දිගටම ඔඩුදුවන

තුවාලයක් නොකර එය සමථ මණ්ඩලට යොමු කරන ලෙස අද (13) පැමිණිල්ලේ නීතිඥවරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

 

ඒ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ හමුවේ දීයි,

 



පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ, උපුල් කුමරප්පෙරුම යන නීතිඥ මඩුල්ල ඒ බව අධිකරණයට දන්වා සිටියා.



ඔවුන් සඳහන් කළ සිටියේ යුක්තිය පසිඳිලීම ක්‍රියාවලිය සඳහා නීතිඥ පාර්ශවය සහ පොලිසිය යන දෙපාර්ශවයම වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.

ඒ අනුව සිදුවීම සමථ මණ්ඩලයට යොමු කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.



සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසිය සඳහන් කර සිටියේ ඉකුත් 10 දින සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සාක්ෂිකරුවන් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙන බවයි.



සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ගල්කිස්ස පොලිසිය අධිකරණයට මෙලෙස කරුණු දැක්වුවා.

 



"ඉකුත් 10 වන දින සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් හතර දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. එදින සේවය කරන ලද බන්ධනාගාර බස් රථයේ රියදුරු, නඩු අංශයේ පරීක්ෂකවරයා, කාන්තා පොලිස් කොස්තාපල්වරිය සහ සිද්ධිය වූ ස්ථානයේ සිටි පුවක්ගහහේනේ සුසිම ස්වාමීන් වහන්සේගේන් ද ප්‍රකාශ ලබාගෙන තිබෙනවා."

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කමල් සිල්වා ඇතුළු නීතීඥ පිරිස අධිකරණයට කරුණු මෙලෙස දැක්වුවා.

 



"එම ලබාගන්නා ලද ප්‍රකාශ වලින් කිසිදු පහර දීමක් සිදු වි ඇති බවට අනාවරණය වී නැහැ.සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලින් කිසිදු චෝදනාවක්ද එල්ල කරලා නැහැ. ස්වාමීනි මගේ සේවාදායකයා අවුරුදු හයක රාජකාරියෙහි නියැලුණු අයෙක්, කිසිම විනය විරෝධී වැඩකට චෝදනාවක් නැහැ. ස්වාමීනි මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ මහජන කැළඹීමක් ඇතිව තිබෙනවා. ඒ බව ඔබතුමාට අධිකරණය ඉදිරිපිට බැලීමෙදි දැකගන්න පුළුවන්. මේ වගේ අහඹු සිදුවීම් සිදුවෙනවා. මොහුට ඇප ලබා දුන්නොත් බොහෝ දේවල් නැවත පිළිසකර කරන්න පුළුවන්."



පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණයේ පෙනී සිටිමින් මෙලෙස කරුණු දැක්වුවා.

 



"ස්වාමීනි වෘත්තීය අනුව නීතිඥවරුන් යන්නේ උසාවියට. උසාවියේ ආරක්ෂාව පවා නීතිඥවරු බලාපොරොත්තු වෙනවා. ගේට්ටුවේ ආරක්ෂක නිලධාරීන් දැනගන්න ඕනේ අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. එදින නීතිඥවරයාට අකරතැබ්බයක් වෙලා තියෙනවා. සැකකරු කියනවා බොරු කියන්න එපා හැබැයි මම ගැහුවේ නැහැ කියලා. ක්‍රියාවෙන්ම හැඟෙනවා ඔහුගේ ක්‍රියාව ගැන. සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගන්න ඕන. ස්වාමීනී, දිගින් දිගටම පහර ගහන නිසා දැන් මේ සිද්ධිය තුවාලයක් වගේ ඔඩු දුවනවා. බොහෝ ප්‍රශ්න වලට පිළිතුර කාලය. ස්වාමීනී එම නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ඉදිරියට ගෙන යාමකින් තොරව සමථයට පත් කර ගැනීමට ඉල්ලනවා."

 

 


තවද පොලිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් සිදු වු අකරතැබ්බියට නීතිපතිතුමාගේ අවධානය යොමු කර සක්‍රීය දායකත්වයත් මෙම ප්‍රශ්නයට සපයන ලෙසටද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.



දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉකුත් 10 දින අධිකරණ භූමියේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කරන ලෙස ද පොලිසියට නියෝග කළා.



සැකකරුට ඇප ලබා දෙමින් නඩුව සමථ මණ්ඩලයකට යොමු කිරීමට නියෝග කළා.



නොවැම්බර් 17 වන දින පස්වරැ 1.30ට නඩුව නැවත කැඳවිමට නියමිතයි.

 



ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඉකුත් (10) දින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදීමක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීම⁣ට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් එහිදි නියෝග කළා.



ලක්ෂයක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට ද අධිකරණයෙන් එහිදි නියෝග කෙරුණා.

 

 

#hiru

නවතම ලිපි