ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු විසින්
පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඔක්තෝබර් 10 වන දින නීතිඥවරයෙකු තම වාහනය අධිකරණ පරිශ්‍රයෙන් පිටතට ගෙන යාමට උත්සාහ කිරීමේදී ඇති වූ ආරවුලකදී මෙම සිදුවීම සිදු වූ බව පොලිසිය පැවසීය. පැමිණිල්ලක් මත ගල්කිස්ස පොලිසිය විසින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, අධිකරණය ඔහුව 2025 ඔක්තෝබර් 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
පහරකෑමට ලක් වූ නීතිඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු, ආරවුල අතරතුර පොලිස් නිලධාරියාට වාචිකව තර්ජනය කර සාපරාධී බලය යෙදවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් මූලස්ථානය ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සිද්ධියේ වීඩියෝ දර්ශන සීඩී තැටියක පටිගත කර ඇති අතර, ඒවා නඩු භාණ්ඩ ලෙස ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇති බව පොලිසිය පැවසීය. සිද්ධිය වූ ස්ථානයේ සිටි සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ගල්කිස්ස කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (එස්එස්පී) අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.