SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

සභානායක බිමල් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්

අද කැබිනට් සංශෝධනයකට ලක්විය. ඒ අනුව, මීට පෙර ඔහු සතුව පැවති වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශය ඔහුගෙන් ඉවත් කර ඇති අතර තවත් ප්‍රබලතම අමාත්‍යාංශයක් වන නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඔහුට පවරා දී තිබේ.

 

 

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් අනුර කරුණාතිලක පත්කර ඇත.

 

 

මේ අතර ඇමති බිමල් යටතේ ක්‍රියාත්මක වූ කොළඹ වරායෙන් වසරේ පළමු මාස 08 තුළ රුපියල් බිලියන 32.2ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

 

 

පසුගිය වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18. 9 ක් වන අතර එය මෙම වසරේ බිලියන 32.2ක් දක්වා වර්ධනය වී තිබේ.

 

 

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් පමණ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

 

2025 පළමු මාස 08 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන අතර ඒ අනුව ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා වැඩිපුර රුපියල් බිලියන 11 ක් ඉක්මවීමට සමත්ව තිබේ.

 

නැගෙනහිර පර්යන්තය සහ ජය බහාලු‍ම් පර්යන්තය වැනි ඉදිකිරීම් නිම වීමත් සමඟම ඉදිරියේ දී ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය තවදුරටත් පවසයි.

 

 

අද සිදුකළ ඇමති සංශෝධනයන් සහ නව පත්කිරීම් පහත පරිදි වේ.

කැ

නවතම ලිපි