SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මීට වසර දෙකකට පෙර ආරම්භ වූ ඊශ්‍රායල-හමාස් ගැටුමකට තිත තබමින්, දීර්ඝ සාකච්ඡා වටයකින් පසු

සටන් විරාමයක පළමු අදියරට එකඟ වී ඇති බවට ලැබෙන පුවත, අපේ කාලයේ සතුටුදායකම ආරංචිය ලෙස ලෝකවාසීන් පිළිගනිති.

 

 

මෙම එකඟතාවය, මහා ජනසංහාරයට නැවතීමේ තිත තබන්නට දරන පළමු සුවිශේෂී උත්සාහය වන අතර, එය ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් අරාබි නායකයින් ඉදිරියේ කැමැත්ත පළ කිරීමෙන් තහවුරු විය. මෙය අවි බලය පරදා ජන බලය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සැලකීමට බොහෝ දෙනා පෙළැඹී සිටිති.

 

 

යාවත්කාලීන තත්ත්වය:

ගිවිසුමේ මූලික එකඟතා

 

 

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද සාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟතාව පළ කර ඇති බවට කටාර් ඇතුළු මැදිහත්කරුවෝ තහවුරු කරති. නෙතන්යාහු විසින් මෙය "ඊශ්‍රායලයට ශ්‍රේෂ්ඨ දවසක්" ලෙස හඳුන්වමින්, අද (ඔක්තෝබර් 9) සිය රජය කැඳවා ගිවිසුම අනුමත කිරීමට නියමිත බව පවසා තිබේ.

 

මෙම ගිවිසුමේ මූලික එකඟතා පහත පරිදි වේ:

 

  • එකඟතාවය යටතේ ගාසා තීරයේ සතුරුකම් වහාම අත්හිටුවන අතර, හමාස් සංවිධානය ප්‍රකාශ කරන්නේ මෙය "ගාසා යුද්ධයේ අවසානය, අත්පත් කරගැනීම්වලින් ඉවත් වීම, ආධාර ඇතුළත් කිරීම සහ සිරකරුවන් හුවමාරුව" සඳහා වූ ගිවිසුමක් බවයි.

 

  • හමාස් භාරයේ සිටින ඉතිරි ජීවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා දින කිහිපයක් ඇතුළත නිදහස් කිරීමට නියමිතය. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 2,000ක් පමණ නිදහස් කරනු ඇත. හමාස් සංවිධානය මේ පිළිබඳව නිල නිවේදනයක් ලබන සඳුදා නිකුත් කිරීමට අපේක්ෂිතය.

 

  • සියලු ඊශ්‍රායල හමුදා පලස්තීන දේශයෙන් පිටවීම ආරම්භ විය යුතු අතර, ඔවුන් ගාසා තීරයේ ජනගහනය වැඩි ප්‍රදේශවලින් ඉවත් කිරීම මූලික පියවරක් ලෙස සැලකේ.

 

  • වහාම ක්‍රියාත්මක වන පරිදි මානුෂීය ආධාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගාසා තීරයට ගෙන ඒම සඳහා දේශසීමා හරස් මාර්ග පහක් විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

 

 

ජන බලයේ තීරණාත්මක බලපෑම

 

නවතම දත්ත අනුව, 2023 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ ගාසා තීරයේදී අවම වශයෙන් 67,194ක් මිය ගොස් 169,890ක් තුවාල ලබා ඇත. මියගිය පිරිස අතර 22,000කට ආසන්න කුඩා දරුවන් සිටින බවට වූ වාර්තා, මෙම සටන් විරාමයට බලපෑ ජනතා විරෝධය තීව්‍ර කළ ප්‍රධාන සාධකයක් විය.

 

  • ජන රැලිවල ජයග්‍රහණය: පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත් ලංකාව ඇතුළු රටවල් සියල්ලේ සහයෝගය මෙන්ම, රෝමය ඇතුළු යුරෝපයේ නගරවල පැවති දැවැන්ත ජනරැලි, නෙතන්යාහුගේ අධි තක්ෂේරුව බිමටම බැස්සවීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේය. මෙම නොනවතින ජන රැල්ලට ස්තූතිවන්ත වෙන්නට, ලෝක බලවතුන්ට සාකච්ඡා මේසයට යාමට සහ සාම මේසය සූදානම් කිරීමට බල කෙරුණි. අවි බලය අභිබවා ජන බලය ජය ගනී.

 

  • සාමයේ සැබෑ හිමිකරුවන්: "සාමයේ අයිතිකරුවන්" ලෙස ඇමෙරිකාව හෙට උදෑසනින්ම තමන් ගැන වර්ණනා කියන්නට පැමිණියද, සැබෑ ජයග්‍රහණය අයත් වන්නේ දිවිපුදා කැපවූ පලස්තීන ජනතාවට සහ ජීවිත අවදානම නොතකා මහ මුහුදේ ගාසා හී තනිව කළුවරේ බඩගින්නේ ඇවිදින ඒ පුංචි දරුවන් සොයා නැව් වලින් ගිය වෛද්‍යවරයා, හෙදිය ඇතුළු අප සහෝදර සියල්ලන්ටයි. රෝමයට පැමිණි ලක්ෂ 13 ක ජන ගංගාවට සහ ඉතාලිය පුරා පාරට ආ මිලියන 2 ක ගෞරවණීය දෙමව්පියන්ට ලෝකය සදා ණයගැතිය.

 

 

ඉදිරි අභියෝග සහ අවදානම

 

 

මෙම සටන් විරාමය සාමයේ ඔලිව් අතු සෙලවමින් තිබුණද, ස්ථිරසාර සාමයක් කරා යාමේදී තවමත් ප්‍රධාන අභියෝග ඉතිරිව පවතී.

 

 

පළමු අදියර සාර්ථක වුවද, හමාස් නිරායුධකරණය, යුද්ධයෙන් පසු ගාසා තීරයේ පාලන ව්‍යුහය සහ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ කාලසටහන වැනි ප්‍රධාන ගැටලු තවමත් විසඳී නොමැත.

 

 

ඊටත් වඩා, මහා බලවතුන් විසින් මේ දිනා ගන්නා සාමය අලෙවි කොට, ඔවුන්ට නැති වී යන ත්‍රස්තවාදය සහ රාජ්‍ය ත්‍රස්තවාදයේ පැවැත්ම වෙනුවෙන් කුමන හෝ උප්පරවැට්ටි ඉදිරිපත් කිරීමේ අවදානම තවමත් පවතී.

 

එබැවින්, පලස්තීන නිදහස් සටනේදී ජන බලය ලැබූ මෙම විශිෂ්ඨ ජයග්‍රහණය තිරසාර සාමයක් බවට පත්කර ගැනීමට නම්, ලෝකවාසීන්ගේ විමසිලිමත් අවධානය අත්‍යවශ්‍ය වේ.

 

පලස්තීන නිදහස් සටනට ජයවේවා!

රෝමයට ජයවේවා!

 

@ සමාරා පරණවිතාන

Ladyleader

 

නවතම ලිපි