ඉදිරියේදී කැමරුන් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක වෙළඳ සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට අයත්ව සිටි
වෙළඳ අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහගේ නම ඊයේ හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉවත් කොට ඇති බව වාර්තා වෙයි.
ඇයට අමතරව තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ නම්ද එම නාම ලේඛනයෙන් ඉවත් කොට ඇතැයි වාර්තාවේ.
මෙම සමුළුවට සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිත පිරිසගේ නාම ලේඛනය වෙළඳ වාණිජ සමුපකාර සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් අනුමැතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යවා තිබිණි.
එහෙත් මෙකී මහජන සම්බන්ධතා නිලධාරිනිය මෙම ගමනට සහභාගී වන්නේ කුමන හේතුවක් මතදැයි පසුගියද විපක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.
අනතුරුව හදිසියේම අදාළ නිලධාරිණියගේ නම යෝජිත නාමලේඛනයෙන් ජනාධිපති කාර්යාලය විසින් ඉවත් කර ඇතැයි දැනගන්නට තිබේ.
මේ කැමරුන් සංචාරය සඳහා අමාත්‍යංශ නිලධාරින් තිදෙනෙකු සහ නිලධාරිනියන් හයදෙනෙකුගේ නම් අනුමැතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලට යවා තිබූ බවද සඳහන්ය.
ජනාධිපති කාර්යාලයට යවන ලද නාම ලේඛනය මතු පළවේ.

(උපුටාගැනීම - ද ලීඩර්)
චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව!

