SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දූෂණය සොරකම පිටුදැකීමට ජනතාව විසින් පත්කළ ආණ්ඩුවක් වර්තමානයේ

ප්‍රසම්පාදන කටයුතු වලදී සැක කටයුතු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

 

ගල් අඟුරු බෙදා හැරීම සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නම්, ටෙන්ඩරය සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් මාසයේදී කැඳවා ජූලි වන විට අවසන් කළ යුතුය. එහෙත්, මෙම වසරේ ටෙන්ඩරය කැඳවා ඇත්තේ සැප්තැම්බර් මාසයේදීය, එම නිසා ක්‍රියාවලිය මාස ගණනකින් ප්‍රමාද වී ඇත.

 

 

 "ගල් අඟුරු ටෙන්ඩරය මාස ගණනකින් ප්‍රමාද කළේ ඇයි?" යන්න දෙවන ප්‍රධාන ප්‍රශ්නයයි. පුත්තලමෙන් ගල් අඟුරු බෑම කළ හැක්කේ සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා පමණක් බැවින්, මෙම ප්‍රමාදය හේතුවෙන් නියමිත කාල සීමාව තුළ ගල් අඟුරු තොගය ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමක් පවතී.

වත්මන් බලශක්ති අමාත්‍යවරයාට හැකිනම් මේවා වැරදි බව පෙන්වන්නට පුළුවන් යැයි ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා අභියෝග කළද බලශක්ති අමාත්‍යවරයා එහිදී නිහඩව සිටියේය.

 

කෙසේ වුවද වත්මන් ගල් අඟුරු ටෙන්ඩරය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිවලින් දැඩි ලෙස බැහැර වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවට සෘජු තර්ජනයක් එල්ල වී තිබේ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව සති 8ක සම්මත ටෙන්ඩර් කාලසීමාව සහ දින 14ක අභියාචනා කාලය වෙනුවට, මෙම ටෙන්ඩරය සඳහා සති 4ක (සම්මතයෙන් 50%ක්) සහ දින 7ක (සම්මතයෙන් 50%ක්) කාලසීමාවක් ලබා දී ඇත. වඩාත් බරපතළ කාරණය නම්, මෙම තීරණාත්මක කාල සීමා වෙනස් කිරීම් සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ (NPC) හෝ අමාත්‍ය මණ්ඩලයේ නිසි අනුමැතිය ලබාගෙන නොමැති වීමයි. මෙම කෙටි කිරීම්, ලංසුකරුවන්ට නිසි ලෙස සූදානම් වීමට ඇති අවස්ථාව සීමා කරන අතර, සමස්ත ක්‍රියාවලියේ විශ්වසනීයත්වය පිළිබඳ සැක මතු කරයි.

 

ටෙන්ඩරය වටා ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ සැපයුම්කරුවන් තෝරාගැනීමේ සුදුසුකම් නිර්ණායක 90% කින් අඩු කිරීමයි.

 

 

මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ බස් ගෙන්වීමේදී ප්‍රසම්පාදන සුදුසුකම් වැඩි කරන්නත් ගල් අඟුරු ගෙන්වීමේදී එම සුදුසුකම් අඩුකරන්නටත් හේතුව කුමක්ද යන්නයි.

 

 

 මෙහිදී 5900kcal GCV ගල් අඟුරු මෙට්‍රික් ටොන් 1,000,000 ක සිට 100,000 දක්වා මෙම නිර්ණායකය අඩු කර තිබේ. ඉහළ වටිනාකමකින් යුත් මෙවැනි කොන්ත්‍රාත්තුවක් සඳහා අවශ්‍ය මූල්‍යමය හා තාක්ෂණික ශක්‍යතාව සහිත සමාගම් පමණක් තෝරාගැනීම ඉහළ නිර්ණායක තැබීමේ අරමුණ විය. එම නිර්ණායක අනුමැතියකින් තොරව මෙතරම් විශාල ප්‍රතිශතයකින් අඩු කිරීම, අවශ්‍ය හැකියාවන් නොමැති සැපයුම්කරුවන් තේරී පත්වීමේ අධික අවදානමක් ඇති කරයි. "සුදුසුකම් නිර්ණායක 90% කින් අඩු කළේ ඇයි?" යන ප්‍රශ්නය මෙහිදී මතු වන ප්‍රධානතම ගැටලුවයි.

 

මෙම විෂමතා සමූහයේ අවසාන ප්‍රතිවිපාකය වන්නේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව බිඳ වැටීමයි. සුදුසුකම් නොලත් සැපයුම්කරුවන් තෝරාගැනීම හෝ නියමිත වේලාවට ගල් අඟුරු ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වුවහොත්, සමස්ත ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 50% ක් අහිමි වී විදුලි කප්පාදු නිසැකවම සිදුවනු ඇත. එබැවින්, මෙම සම්පූර්ණ ටෙන්ඩර් ක්‍රියාවලිය, විනිවිදභාවය සහ අනුමැතියකින් තොරව සිදුකිරීමේ බරපතළ ගැටලු සහ අවදානම් පෙන්නුම් කරයි.

 

 

නවතම ලිපි