SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද ගාසා සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඊශ්‍රායල සහ

හමාස් නියෝජිත පිරිස් අද (ඔක්තෝබර් 06) ඊජිප්තුවේදී අනියම් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට නියමිතය. මෙම සාකච්ඡා, මාස ගණනක අර්බුදයකින් පසු කලාපීය සාමය සඳහා ඇති වූ වඩාත්ම ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නය ලෙස සැලකේ.

 

ට්‍රම්ප්ගේ සැලැස්ම සහ හමාස් ප්‍රතිචාරය

 

ට්‍රම්ප්ගේ කරුණු 20කින් සමන්විත මෙම සැලැස්ම යටතේ, ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා අර්ධ වශයෙන් ඉවත් වීම සහ හමාස් සංවිධානය නිරායුධකරණය ඇතුළු කරුණු කිහිපයක් වෙතය.

 

හමාස් සංවිධානය මෙම සැලැස්මේ සමහර කොටස් පිළිගෙන ඇති බව නිවේදනය කර ඇතත්, සියලු කොන්දේසි (විශේෂයෙන් නිරායුධකරණය) පිළිගෙන නොමැති අතර ඒවා පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි.

 

 

හමාස් දූත පිරිස මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කලීල් අල්-හයියා විසිනි. ඊශ්‍රායලය පසුගිය මාසයේ කටාර්හිදී ඔහු ඇතුළු හමාස් නායකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබුණත්, ඔහු දිවි ගලවා ගත්තේය.

 

 

සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා රාත්‍රියේදී, "සියලු දෙනාම වේගයෙන් වැඩ කළ යුතු බව" ඉල්ලා සිටි අතර, "පළමු අදියර මේ සතියේ අවසන් කළ යුතු බවට මම කියලා තියෙනවා" යනුවෙන් දෙපාර්ශවයටම කඩිනම් පියවර ගැනීමට පීඩනය එල්ල කළේය.

 

 

සාකච්ඡා පැවැත්වෙන්නේ ඊජිප්තුවේ ෂාම් එල්-ෂෙයික් (Sharm el-Sheikh) හිදී වන අතර, ඊශ්‍රායල නියෝජිතයන් සහ හමාස් නියෝජිතයන් අතර සෘජු හමුවීම් වළක්වා, ඊජිප්තු සහ එක්සත් ජනපද මැදිහත්කරුවන් හරහා අනියම් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

 

 

ගාසා තීරයේ වත්මන් තත්ත්වය

 

 

සාකච්ඡා ආරම්භ වී තිබුණද, ගාසා තීරයේ මානුෂීය සහ ආරක්ෂක තත්ත්වය අතිශය ඛේදනීය මට්ටමක පවතී.

 

ඊශ්‍රායල සහ හමාස් නියෝජිත පිරිස් සාකච්ඡා සඳහා ඊජිප්තුවට පැමිණෙද්දී පවා, ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර දිගින් දිගටම සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

2023 ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ගාසා තීරයේ පලස්තීනුවන් 67,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. මින් බහුතරය කාන්තාවන් සහ ළමුන් වේ.

 

මිලියන 2කට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර, පිළිසකර කළ නොහැකි සනීපාරක්ෂක තත්ත්වයන් සහ ආහාර හිඟය හේතුවෙන් දරුණු සාගත තත්ත්වයක් උද්ගතව ඇත. එක්සත් ජාතීන්ගේ ආයතන ගණනාවක් පෙන්වා දෙන්නේ මේ වනවිට ගාසා තීරයේ ජනතාව අත්විඳින්නේ දරුණුතම මානුෂීය අර්බුදය බවයි.

 

 

දෙපාර්ශවය අතර පවතින විශාල පරතරය (විශේෂයෙන් හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් කිරීම යන කරුණු සම්බන්ධයෙන්) නිසා, මෙම සාකච්ඡා සාර්ථක නිගමනයකට එළඹේවිද යන්න තවමත් අනිනිශ්චිතය. කෙසේ වෙතත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ පළමු අදියර කඩිනමින් අවසන් කරනු ඇතැයි ලෝකය බලාපොරොත්තු වේ.

 

 

@ විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරිනි.

නවතම ලිපි