ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාමස්වාමි සිවරාජ් සීමාසහිත ලිබර්ටි ප්‍රකාශන පෞද්ගලික සමාගමේ
අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. මාධ්‍යවේදී සිවරාජ් දැනට තමිලන් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරයි.
මෙම පත් කිරීම විශේෂයෙන් වැදගත් වන්නේ, දමිළ මාධ්‍ය පුවත්පතක ප්‍රධාන කර්තෘවරයෙකු අදාළ ප්‍රකාශන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ දුර්ලභ අවස්ථාවක් මෙය සනිටුහන් කරන බැවිනි.
එම්. ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත්කළ සුප්‍රකට දවස පුවත්පත් සමූහයේ දමිළ මාධ්‍ය පුවත්පත වූ දිනපති පුවත්පතේ කර්තෘවරයා ගුණසේන සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීමෙන් පසුව, එවැනි තනතුරකට පත් වූ ප්‍රථම කර්තෘවරයා ලෙස මාධ්‍යවේදී සිවරාජ් ඉතිහාසයට එක් වේ.
රාමස්වාමි සිවරාජ් ගේ වෘත්තීය ගමන් මඟ
මාධ්‍යවේදියකු ලෙස දීර්ඝ හා වර්ණවත් අත්දැකීම් ඇති රාමස්වාමි සිවරාජ් 1995 වර්ෂයේදී පුහුණු වාර්තාකරුවකු ලෙස වීරකේසරී පුවත්පතට එක් විය. පසුව ඔහු එම්. ටී. වී. නාලිකාවේ නිෂ්පාදකවරයකු ලෙස ද, තිනකුරල් පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස ද සේවය කළේය.
2009 වර්ෂයේදී සුප්‍රකට උදයන් පුවත්පත් සමූහයේ සුඩරෝලි පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් වූ ඔහු, 2017 වර්ෂයේදී ලිබර්ටි ප්‍රකාශන ආයතනයට සම්බන්ධ විය.
මෙම නව පත් කිරීමත් සමඟ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාමස්වාමි සිවරාජ් ලිබර්ටි ප්‍රකාශන සමාගමේ ඉදිරි උපාය මාර්ග සහ කළමනාකරණ තීරණ සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අපගේ සුභපැතුම්!