බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තවමත්
අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කරයි.
“ඇත්තටම මේ වෙනකොට තත්වෙ තමයි කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් මොකද ඔවුන් ලීගල් රෙප‍්‍රසන්ටේෂන් එකක් ඉල්ලල තියෙනව. ඒක සම්බන්ධයෙන් තවමත් කටයුතු කරමින් ඉන්නව. ඒක දාන්නත් පුළුවන් නොදන්නත් පුලුවන්. මොකද මම දන්නේ නෑ ඒක කොමිෂන් සභාවේ තීරණය. කොමිෂන් සභාව තීරණය කළොත් මම නඩු දානවා”
යැයි ඔහු සඳහන් කළේය.
ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර තිබිණි.