වසීම් තජුඩීන් ඝාතනය වැනි අපරාධ ගමේ සිරිපාල හෝ ඥානරත්නම් විසින් සිදු නොකළ බවත්,
ඒවා සිදු කරනු ලැබුවේ රට පාලනය කළ පාලකයන් විසින් බවත් අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
ඊයේ (ඔක්තෝබර් 1) අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම අපරාධවලට සම්බන්ධ අය දේශපාලන ක්‍රියාකාරීන් වුවත් නැතත්, විමර්ශනවලට අනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
දේශපාලනඥයන්ට එරෙහිව ක්‍රියාමාර්ග
තජුඩීන් ඝාතනයට සම්බන්ධ බව කියන දේශපාලනඥයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් දේශපාලන ක්‍රියාකාරීන් වුවත් නැතත් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.
"මේ අපරාධ කළේ ගමේ සිරිපාල හෝ ඥානරත්නම් නෙවෙයි. මේ අපරාධ කළේ රට පාලනය කළ පාලකයන්. ඔවුන් තමයි අපරාධ වසන් කරලා, ඒවා යට ගැහුවේ. වසීම් තජුඩීන් ඝාතනය කළේ 2012 දී, බැඳුම්කර වංචාව කළේ 2015 දී සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කළේ 2019 දී. මේවාට සම්බන්ධ අය දේශපාලන ක්‍රියාකාරීන් වුවත් නැතත් විමර්ශනවලට අනුව නීතිය ක්‍රියාත්මක වෙනවා,"
යැයි ඔහු පැවසීය.
මෙම ඝාතනය පිළිබඳ සමාජයේ චෝදනාවට ලක්ව සිටින්නන් සත්‍යවශයෙන්ම තජඩීන් ඝාතනයේ වගඋත්තරකරුවන්ද යන්න ගැන බිමල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන අතර එසේ නොවුනත් මෙම ඝාතනය සම්බන්ධ බොහෝ අවශ්‍ය තොරතුරු මේ වනවිට විනාශ වී ඇති බවද විචාරක මතයයි.
කෙසේ වුවද, මෙම අපරාධ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට රජය මැදිහත් නොවන බවද බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
#නයෝමී