'දිවයින' පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස දසක තුනකට ආසන්න කාලයක්
විශිෂ්ට සේවයක් ඉටු කර විශ්‍රාම ගත් ප්‍රවීණ මාධ්‍යවේදී බුලිත ප්‍රදීප් කුමාර විසින් 'Colombo Report' (colomboreport.lk - කොළඹ රපෝර්තුව) නමින් නව පුවත් වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.
ඔහුගේ උපන් දිනය යෙදී තිබූ සැප්තැම්බර් 30 වන දින මෙම වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැර ඇත.
නව 'කොළඹ රපෝර්තුව' වෙබ් අඩවිය දෛනික පුවත්, විශේෂාංග, එතෙර මෙතෙර තොරතුරු, ව්‍යාපාරික තොරතුරු, ක්‍රීඩා සහ දේශපාලනික ගොසිප් ඇතුළු විවිධ අන්තර්ගතයන්ගෙන් සමන්විත වේ.
බුලිත ප්‍රදීප් කුමාරගේ මාධ්‍ය සේවය
කෙටි කලක් 'දිවයින' පුවත්පතේ කතෘවරයකු ලෙස ද කටයුතු කළ බුලිත ප්‍රදීප් කුමාර, මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයකි.
ඔහු වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ (PCCSL) කටයුතු කරමින්, ප්‍රධාන ධාරාවේ මුද්‍රිත මාධ්‍යයන්ට එරෙහිව එල්ල වන මහජන පැමිණිලි විමර්ශනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, එය විධිමත් පුවත්පත් කලාවක් ගොඩනැගීමට දායක විය.
එමෙන්ම, ඔහු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) මාධ්‍ය පුහුණුකරුවෙකු සහ ක්‍රියාකාරිකයෙකු ලෙස පළාත්බද මාධ්‍යවේදීන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා වැඩමුළු මාලාවක් සංවිධානය කිරීමට ද දායක වී ඇත. තවද, ඔහු වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ (EGOSL) වාර්ෂික මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ (Journalism Awards for Excellence) ප්‍රධාන සංවිධායකවරයකු ලෙස ද ඉහළ ඇගයීමකට ලක්වූවෙකි.
ප්‍රවීණ මාධ්‍යවේදී බුලිත ප්‍රදීප් කුමාර අප වෙත පැවසුවේ, ඔහු විසින් "කොළඹ රපෝර්තුව" නමින් යූටියුබ් නාලිකාවක් ද නුදුරේදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
Colombo Report වෙබ් අඩවියට පිවිසෙන්න: colomboreport.lk