මාධ්‍යවේදී මුආස් මොහොමඩ්ගේ සංස්කරණයෙන් යුතුව ''නිව්ස් ටියුබ් (newstube.lk)'' පුවත් වෙබ් අඩවිය
අද ඔක්තෝම්බර් 01 දින සිට නව, ආකර්ෂණීය නිමාවකින් එළිදක්වා තිබේ.
නව වෙබ් අඩවිය සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකින්ම ප්‍රකාශයට පත්කෙරෙන අතර, එහිදී කාලීන පුවත් විශේෂාංග සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බව සංස්කාරක මුආස් මොහොමඩ් සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් අප වෙත පැවසුවේ, ඉදිරියේදී මෙම පුවත් වෙබ් අඩවිය හරහා විශේෂ හෙළිදරව් කිරීම්ද ඇතුළුව තවත් විශේෂාංග රැසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි.
නව ගමනක් අරඹන මුආස් මොහොමඩ්, මීට පෙර 'ඩේලි සිලෝන් (Daily Ceylon)', වර්ණම් TV (Varnam Tv & FM), Star Tamil TV & FM, Siyatha TV News ආදී විද්‍යුත් මාධ්‍යයන්හි පුවත් මාධ්‍යවේදියකු ලෙස සේවය කර ඇත. එසේම, ඔහු මෑතක් වනතුරුම Supreme / TNL TV නාලිකාවන්හි දේශපාලන වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසද කටයුතු කළේය.
නව මුහුණුවරකින් එළිදැක්වූ "News Tube" වෙබ් අඩවියට පිවිසීමට පහත සබැඳිය භාවිතා කළ හැක: