ලංකාවේ විදුලි ජනනයට අවශ්‍ය ගල් අඟුරු ආනයන ටෙන්ඩරය අවම සුදුසුකම් සපුරා නැති
සමාගමකට ලබාදීම තුළින් රජය යටතේ දැවැන්ත දූෂණ ජාලයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් ඇත.
එවැනි තත්වයක් හමුවේ අද(30) දහවල් ශ්‍රී ලංකා හරිත සන්ධානය වෙනුවෙන් සංඛ චන්දිම අබේවර්ධන විසින් අල්ලස් හෝ විමර්ශන කොමිසන් සභාවට විශේෂිත පැමිණිල්ලක් කර තිබේ.
මෙම ආණ්ඩුව බලයට පත්වූයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බවත් ඒ අනුව ආණ්ඩුවේ එම වැඩපිළිවෙලට සහයෝගයක් දක්වමින් රුපියල් කෝටි 31000ක ගල් අඟුරු ටෙන්ඩර් මගඩියක් සිදුවන බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමේ විමර්ශනයට ඉදිරිපත් කරන බවත් හරිත සන්දානය වෙනුවෙන් සංඛ චන්දිම එහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ නොරොච්චෝලයි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීම සඳහා වූ මහා පරිමාණ ටෙන්ඩරය Trident Chemphar නම් ඉන්දීය සමාගමක් වෙත පිරිනැමීමට නියමිත බව වාර්තා වන අතර, එම සමාගම සහ එහි දේශීය නියෝජිතයන් සම්බන්ධයෙන් මතුව ඇති අතිශය බරපතළ පසුබිම රටේ සමස්ත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය පිළිබඳව ප්‍රබල සැකයක් ජනිත කරයි.
මෙම ගනුදෙනුව හුදෙක් අත්දැකීම් අඩු සමාගමකට ටෙන්ඩරය දීමක් නොව, ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය වංචා චෝදනා සහ දේශීය ක්‍රීඩා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ගේ සෘජු මැදිහත් වීමක් යටතේ සිදු වන බිලියන ගණනක ගනුදෙනුවක් ලෙස හඳුනාගත හැකිය.
කෙසේ වුවද මේ දක්වා වත්මන් ආණ්ඩුව මේ පිළිබඳව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම තුළ දූෂණයට එරෙහිව බලයට පත් ආණ්ඩුව සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ සැක සංකා පහළවෙමින් පවතින බව පෙනේ.
එම ප්‍රකාශය පහතින්...