SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ලොකුම රාජ්‍ය ගනුදෙනුවක් වන නොරොච්චෝලයි බලාගාරයට

ගල් අඟුරු ගේන ටෙන්ඩරය වටා ඇවිලෙන කතා ගින්නට සමාජයේ අවධානය යොමු නොවී බෑ.

පසුගිය සැප්තැම්බර් 15දා මේ ටෙන්ඩරය විවෘත කළාට පස්සේ අවම ලංසුව ඉදිරිපත් කරපු Trident Chemphar කියන ඉන්දීය සමාගම ගැන හෙළිවෙන තොරතුරු ඇහුවොත් ඔබ පුදුම වේවි.

 

 

මේක සුපුරුදු දූෂිත කතාවලට වඩා හාත්පසින්ම වෙනස්, ජාත්‍යන්තර මූල්‍ය වංචා සහ දේශීය දූෂණ ජාලයක් එකට ගැටගැසූ බිලියන ගණනක 'ගේම් එකක්' ලු.

 

 

 

 

ට්‍රයිඩන්ට් චෙම්ෆාර් කියන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදක ආයතනයක් වන Aurobindo Pharmaceuticals Ltd එකට සම්බන්ධ උප සමාගමක්ය කියනවාය. ඒත් ගල් අඟුරු වෙළඳාමේ ඔවුන්ට තියෙන්නේ ඇඟට මදි අත්දැකීම් විතරයි ලු. මේ සමාගමේ හිමිකරුවන් අතරේ ඉන්න පී. සරත් චන්ද්‍රා රෙඩ්ඩි කියන මහත්තයා 2022 වසරේදී ඉන්දියාවේ මුදල් විශුද්ධිකරණ චෝදනා මත අත්අඩංගුවට ගත්තු, සුරාබදු වංචාවක ප්‍රධාන චූදිතයෙක් ලු! ඉන්දීය විමර්ශන අංශ චෝදනා කළේ ඔහු ට්‍රයිඩන්ට් චෙම්ෆාර් හරහා නීති විරෝධීව ගනුදෙනු කරලා තියෙන බවටලුය.

 

 

මේ ජාත්‍යන්තර චෝදනා සහිත සමාගම තමයි අපේ රටේ විදුලිය රඳා පවතින ගල් අඟුරු ගේන්න ලෑස්ති වෙන්නේ. අනික, මේ සමාගම 2014 වසරේදී සතොසට සහල් සැපයූ ගනුදෙනමකදීත් රාජ්‍ය ප්‍රසම්පාදන නීති කඩ කර ඇති බව 2016 විගණකාධිපති වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා කියාත් කනිං කොනිං ඇහෙනවාය.

 

 images 7

 

 

සමාගමේ අයිතිකාරයාගේ කතාව එහෙම නම්, ලංකාවේ නියෝජිතයාගේ කතාව ඊටත් වැඩිය අපූරුයිනේ. ලංකා ගල් අඟුරු සමාගමේ වාර්තා අනුව ට්‍රයිඩන්ට් චෙම්ෆාර්හි දේශීය නියෝජිතයා වන්නේ සනත් බණ්ඩාර ජයසුන්දර කියලා කෙනෙක්ලුය. මොහු ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් ICC එකෙන් වසර 7කට තහනම් කළ හිටපු ක්‍රිකට් විශ්ලේෂකයෙක් කියලත් කියනවාය. ඒ විතරක් නෙවෙයි, ඔහු එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිට පවා ක්‍රීඩක තේරීම්වලට බලපෑම් කරන්න අල්ලස් දෙන්න හදලා තියෙනවාය කියල විශ්වාසවන්ත රාවයක් පැති‌රෙනවාය. ඔන්න ඉතිං මේ අල්ලස් චෝදනා සහ ක්‍රීඩා දූෂණ චෝදනා සහිත පුද්ගලයා දැන් රටේ විශාලතම බලශක්ති ගනුදෙනමක තැරැව්කාරයා වෙලා! බලන්නකො ඒකෙත් හැටි. මේ වංචා දූෂණ නැති කරන්න ආපු ආණ්ඩුවක් තියෙන කාලෙ. නේද?

 

 images 10

 

 

කතාව තවත් රසවත් වෙන්නේ දේශපාලන සම්බන්ධතා හෙළිදරව් වීමත් සමඟයි. මේ ගනුදෙනුවේ දේශීය නියෝජනයට සම්බන්ධ අනෙක් අය අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්තයගේ පුතා රකිත රාජපක්ෂ හා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චමින්ද ජයසූරිය යන මහත්වරුන්ගේ නම් සමාජයේ කතාබහට ලක්ව තිබෙනවාය.මේවයෙ ඇත්ත නැත්ත මොකක් උනත් ගින්නක් නැතිව දුමක් නැගෙන්න හැටියකුත් නැහැ කියල තමයි තතු දත්තෝ කියන්නේ. මෙතෙක් කල් ගල් අඟුරු ගේන්නේ මහින්ද රාජපක්ෂ කඳවුරේ අය කියලා කතාවක් තිබුණාට, මේ පාර ටෙන්ඩරය විජේදාස රාජපක්ෂ මහත්තැන්ගේ පුතාට අයිති බවට සමාජයේ කසුකුසු පැතිරෙන්නේ, දූෂණ ජාලය පක්ෂ දේශපාලනය ඉක්මවා ගිය එකක් බවට සැක පළකරමින්.

 

 images 9

 

 

මේ සමාගමට ටෙන්ඩරය දීමට පහසුකම් සැලසීමට ලංකා ගල් අඟුරු සමාගම (LCC) රතු පලසක් එලා ඇති බව පැහැදිලියි. ඔවුන් ටෙන්ඩරයට සුදුසුකම් ලැබීමට අවශ්‍ය අවම අත්දැකීම් නිර්ණායකය හිතාමතාම මෙට්‍රික් ටොන් 1,000,000 සිට 100,000 දක්වා (10න් 1ක් දක්වා) අඩු කරලා තියෙනවාය කියලයි කියවෙන්නේ. මේ නිර්ණායක වෙනස් කිරීම ට්‍රයිඩන්ට් චෙම්ෆාර් සමාගමට ලංසුව ඉදිරිපත් කරන්නට පහසුකම් සැලසීම සඳහා සිදු වූවාදැයි සැකයක් පවතිනවා. ඒ මොක උනත් චමින්ද ජයසූරිය මහත්තයා සමඟ ඇති වූ මතභේදයක් හේතුවෙන් LCC හි හිටපු සභාපති ශ්‍රීමත් දයාස් පෙරේරා ඉල්ලා අස් වූ බවටද කටකතා පැතිරෙන්නේ මේ අතරතුරයි.

 

 

කර්මාන්ත ආරංචි මාර්ග පවසන්නේ ට්‍රයිඩන්ට් චෙම්ෆාර් සමාගමට ඇත්තේ ඉන්දුනීසියාවෙන් ගල් අඟුරු වෙළඳාම් කිරීමේ අත්දැකීම් පමණක් බවය.  එහෙත් ඔවුන් මෑත ටෙන්ඩරයේදී දකුණු අප්‍රිකාවෙන් සහ රුසියාවෙන් ගල් අඟුරු සැපයීමට හැකි බව පවසා තිබෙනවා. පෙර අත්දැකීම් නැති මූලාශ්‍රවලින් ලංකාවට අවශ්‍ය ඉහළ ගුණාත්මයෙන් යුත් ගල් අඟුරු ගෙන එන්නේ කෙසේද යන්න විශාල ප්‍රහේලිකාවක්. මේ සමාගමට ව්‍යාජ ලේඛන (Bills of Lading) ඉදිරිපත් කිරීමේ පුරුද්දක් ඇති බවට කතා පැතිරෙන නිසා, ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචිය ලැබුණේ කෙසේද යන්නත් සැක සහිතයි ලුය.

 

 

බලශක්ති විශ්ලේෂකයන්ගේ දැඩිම අනතුරු ඇඟවීම නම්: සාමාන්‍යයෙන් විශාල ටෙන්ඩරවලට එන සමාගම්වලට ගල් අඟුරු සංචිත තිබුණත්, මේ ඉන්දීය සමාගමට එවැනි සංචිත නැහැ යි කියලාය. ඒ නිසා, සැපයුම්වල ප්‍රමාදයක් හෝ ගුණාත්මකභාවයේ ගැටලුවක් ආවොත්, රටේ විදුලිය පවා ඇණ හිටීමේ අවදානමක් පවතිනවා ලුය. මේ සියලු චෝදනා වසා දමන්නට සමාගම සහ එහි දේශපාලන හිතවතුන් විසින්, ටෙන්ඩරයට ලංසු තැබූ ධම්මික පෙරේරාට සහ හේලීස් සමාගමට එරෙහිව මාධ්‍ය සහ දේශපාලන බලපෑම් හරහා පහර දීමක් සිදු කරන බවටද චෝදනා එල්ල වී තිබෙනවා ය.

 

 

 

අවසානයේදී ගොසිප් තීරයට පැහැදිලි උනේ  ජාත්‍යන්තර මූල්‍ය වංචා චෝදනා සහිත, දේශීය දූෂණ නියෝජිතයන් සිටින, සහ සුදුසුකම් වෙනස් කිරීම් හරහා පැමිණි සමාගමකට රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ බිලියන ගණනක රාජ්‍ය මුදල් භාර දීම යනු, දැන දැනම වළකට වැටීමක් ය කියලාය! ඉතිං මේ පිටුපස සිටින ඉහළම දේශපාලනඥයන් සහ නිලධාරීන් කවුදැයි රට දැනගත යුතුයි.

 

උකුස්සා වර්ගයේ තවත් ගොසිප් එකක් එක්ක ආයෙත් එන්නම්.

 

#සමාරා

#Gossip

නවතම ලිපි