ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් රජයේ
LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන තීරණයට සිය තදබල විරෝධය පළ කර ඇත.
මන්ත්‍රීවරයාගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, සංස්කෘතික උරුමය සහ සම්ප්‍රදායන් ලොව පුරා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රමාණවත් බවත්, ඒ සඳහා ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආශ්‍රිත කරුණු ඉස්මතු කිරීම අනවශ්‍ය බවත්ය.
ඔහු අවධාරණය කරන්නේ අපගේ සංචාරක ප්‍රවර්ධනය සාම්ප්‍රදායික වටිනාකම් මත පදනම් විය යුතු බවත්, එවැනි සංවේදී කාරණා සඳහා වගකීමෙන් යුතුව ප්‍රවේශ විය යුතු බවත්ය.
“අපගේ සංචාරක ප්‍රවර්ධනය ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආශ්‍රිත කරුණු මත පදනම් නොවිය යුතුයි. අපගේ උරුමය, ඔවුන්ගේ ලිංගික මනාපයන් කුමක් වුවත්, ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සෑහේ,”
නාමල් පවසයි.
මෙය නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, “එවැනි සංවේදී කාරණා සඳහා වඩාත් වගකීමෙන් යුතුව ප්‍රවේශ විය යුතු” බව අවධාරණය කළේය. දර්ශනීය ස්වාභාවික සෞන්දර්යය , සංස්කෘතිය සහ සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්ව පැවති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ,
“සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අපට ලිංගික අනන්‍යතාවය කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය නැත”
යනුවෙනි.