SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සභාපති නීල් ඉද්දවල පවසන්නේ,

පසුගිය කාලයේ මහජන කතිකාවතට ලක් වූ “පාන් න්‍යාය” (BREAD THEORY) හෙවත් "එයා කැමැත්තෙන් ඉල්ලුවා.. මම කැමැත්තෙන් දුන්නා" යන ප්‍රකාශය කිසිවෙකුටත් අල්ලසක් හෝ දූෂණයක් නොවන බවට කිව නොහැකි බවයි.

 

 

මෙම ප්‍රකාශය බොහෝ විට මහජන සේවාවන්හිදී අල්ලස් හුවමාරු වීම සාධාරණීකරණය කිරීමට යොදා ගන්නා බවට මතයක් පැතිර ගියේය..

 

 

සභාපති නීල් ඉද්දවල මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් “ජාතික සංවර්ධනය සඳහා අවංකභාවය, විනය, විනිවිදභාවය හා සුපිළිපන් පාලනය” යන තේමාව ඔස්සේ පැවැත් වූ දේශනයක් අමතමිනි.

 

 

දූෂණයට වැඩි නැඹුරුවක් ඇති ආයතන 10ක් හඳුනා ගනී

 

 

2024 වසරේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් සඳහා පැවැත් වූ සමීක්ෂණයකින්, මහජන මතය අනුව අල්ලසට හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන 10ක් තෝරාගෙන ඇති බව සභාපතිවරයා හෙළි කළේය.

 

 

එම ආයතන පිළිවෙළින් මෙසේය:

 

  1. පොලිසිය
  2. දේශපාලනය
  3. රේගුව
  4. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  5. පාසල්
  6. අමාත්‍යාංශ
  7. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය
  8. පළාත් සභා
  9. විදේශ රැකියා කාර්යාංශය
  10. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  11. රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය

 

 

ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5ක්

 

 

කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි සහ සිදු කරන ලද පරීක්ෂණ අනුව, රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපා ඇති ආයතන පහක් ද මෙහිදී හඳුනාගෙන තිබේ.

 

ඒවා නම්:

  • රේගුව
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • පළාත් ආදායම් දෙපාර්තමේන්තුව
  • සුරා බදු දෙපාර්තමේන්තුව
  • ආගමන විගමන දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය

 

 

දූෂණය වැඩි වීමට බලපාන ප්‍රධාන හේතු

 

රට තුළ දූෂණය වැඩි වීමට බලපා ඇති ප්‍රධාන කරුණු තුනක් සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී:

 

  1. නීතිය හා සාමය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම
  2. “දූෂිත සංස්කෘතිය” රට තුළ ජනිත වීම
  3. අල්ලස හා දූෂණය පිළිබඳ මහජනතාව පියවර නොගැනීම

 

නීති පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ මහජනතාව තුළ දූෂණයට එරෙහිව හඬ නැගීමේ කැමැත්තක් නොමැති වීම, දූෂණය තව දුරටත් ව්‍යාප්ත වීමට ඉඩ සලසන බවද සභාපති නීල්  ඉද්දවල වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 

නවතම ලිපි