ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය වසර ගණනාවක් තිස්සේ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා.
අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීම, පාඩු ලබන විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීම, සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම වැනි අභියෝග රැසක් පවතිනවා. මේ සඳහා විසඳුමක් ලෙස නව රජය විසින් ගෙන එන ලද නව විදුලිබල පනත මේ වන විට රට තුළ දැඩි සංවාදයක් ඇති කර තිබෙනවා.
ජවිපෙට එරෙහි මාලිමාව වගේ;
නව විදුලිබල පනත, වෘත්තීය සමිති විරෝධතා සහ
අර්බුදයේ ඇතුලාන්තය
මෙම පනත මගින් විදුලිබල මණ්ඩලය සමාගම් කිහිපයකට බෙදා වෙන් කර ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා වී ඇති අතර, එය දිගුකාලීන විසඳුමක් ලෙස රජය පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, විදුලිබල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති මෙම පනතට දැඩි ලෙස විරෝධය දක්වනවා. ඔවුන්ගේ ප්‍රධාන විරෝධය වන්නේ මෙය විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ මූලික පියවරක් බවයි. මෙම පනත ක්‍රියාත්මක වුවහොත් සේවක අයිතිවාසිකම් සහ විදුලිබල මණ්ඩලයේ ස්වාධීනත්වය නැති වනු ඇතැයි ඔවුන් බියක් දක්වනවා. මේ හේතුව නිසා ඔවුන් ලෙඩ නිවාඩු වාර්තා කිරීම සහ උද්ඝෝෂණ පැවැත්වීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වී සිටිනවා.
කෙසේ වුවද විදුලි සටන දැන් විකාරයක් වෙලා.
විදුලිය බේර ගන්න කියලා සටන් කරපු අය දැන් ඒක විනාශ කරන්න හදනවා.
ඒක හරියට ජවිපෙට එරෙහිව මාලිමාව වගේ.
මෙතෙක් කලක් විදුලිය විනාශයේ මාවත දිගේ රැගෙන ගිය ඉංජිනේරුවෝ දවල් මිගෙල් රෑ දනියෙල් ගේමක. තමන්ගේ වැඩසටහන අනුර දැන් වැඩිය හොදට කරගෙන යන නිසා විපක්ෂය දැන් "යන්නේ කොහෙද මල්ලේ පොල්" කතා කියවනවා.
ස්වීප් එකක් ඇදිලා වගේ ජනාධිපති පුටුවේ වාඩි වුණු අනුරට දැන් ජේ. ආර්. වැහිලා.
හැමෝම දැන් මුරුගසන් වරුසාව අහුවෙලා වගේ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ ද මෙම ගැටලුවට විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වනවා. ඇතැම් පක්ෂ පනතට පක්ෂව අදහස් දක්වන අතර, ඇතැම් පක්ෂ වෘත්තීය සමිතිවලට සහාය දක්වමින් පනතට විරෝධය පළ කරනවා.
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන වැනි පුද්ගලයින් පෙන්වා දෙන්නේ මේ ගැටලුව දේශපාලනික එකක් පමණක් නොව, එයින් රටටත්, පාරිභෝගිකයාටත් අවසානයේදී පාඩු සිදුවන බවයි.
ඔහුගේ අදහස් අනුව, විදුලිබල ක්ෂේත්‍රයේ ගැටලු සඳහා සැබෑ විසඳුම වන්නේ විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගැනීම සහ නිසි කළමනාකරණයක් ඇති කිරීමයි. කෙසේ වෙතත්, නව පනත මගින් මෙම සියලු ගැටලුවලට නිසි විසඳුම් ලබා දෙනවාද යන්න පිළිබඳව විවිධ මත පවතිනවා.
ඔහු කියන්නේ විදුලි සටනින් කවුරු දින්නත් රටත් පරාදයි; පාරිභෝගිකයත් පරාදයි කියලයි.
විදුලිබල ලෝකයේ ඇතුල් පැත්තේ කතාවත් විදුලිබිල ප්‍රශ්නයටඇති සැබෑ විසදුමත් දැන ගන්න මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න.