SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වසර විසි දෙකක් පුරා සිදුවන ටෙන්ඩර් මගඩියක් 
  • NMRA දත්ත වංචාව සහ පාස්පෝට් වංචාව ගැන විමර්ශන ප්‍රමාදය සැක සහිතයි..
  • බස් නැවතුම්පොළවල් දහයක් හදන්න තරම් මුදල් අවභාවිතාවෙලා..
  • වෘත්තිය හා සිවිල් සංවිධාන යළි අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලයි.

 

 

 

ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වසර විසි දෙකක් පුරා සිදුවූ ටෙන්ඩර් මගඩියක් පිළිබඳව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් හෙළිදරව් කර තිබෙනවා.

මෙය රටට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුකළ වංචාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

වසර 22ක් පුරා පාස්පෝට් මුද්‍රණයේ සිදුවූ දැවැන්ත වංචාව

 

වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ 2003 වසරේ සිට මේ දක්වා වසර 22කට ආසන්න කාලයක් තිස්සේ පාස්පෝට් මුද්‍රණය සඳහා ටෙන්ඩර් ලබා දීමේදී බරපතල අක්‍රමිකතා සිදුවී ඇති බවයි. නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට පටහැනිව සහ ඉහළ මිල ගණන් යටතේ එකම අන්තර්ජාල සේවා සපයන සමාගමකට අත්තනෝමතික ලෙස මෙම ටෙන්ඩරය ලබා දී ඇති බව ඔහු සඳහන් කරනවා.

 

මෙම ක්‍රියාව නිසා රජයට සිදුව ඇති මූල්‍ය අලාභය කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වැනි බස් නැවතුම්පොළවල් දහයකට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට තරම් විශාල බවයි ඔහු පවසන්නේ. මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් වසර දෙකකට අධික කාලයක් තිස්සේ අවභාවිත වී තිබෙනවා.

 

 

 

NMRA දත්ත වංචාව සහ පාස්පෝට් වංචාව: විමර්ශන ප්‍රමාදය සැක සහිතයි

 

වෛද්‍ය චමල් සංජීව විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම කරුණු පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර තිබුණත්, නව රජය යටතේ මේ සම්බන්ධයෙන් කිසිදු සෑහීමකට පත්විය හැකි විමර්ශනයක් සිදුවී නොමැති බව ඔහු පවසනවා.

 

ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දත්ත වංචාව සම්බන්ධයෙන් ද මෙවැනිම තත්ත්වයක් පවතින බව ඔහු පෙන්වා දෙනවා. එම වංචාව සිදු වූ අවස්ථාවේ සිටි ඉහළ නිලධාරීන් තවමත් විවිධ ඉහළ තනතුරු දරමින් සිටීම විමර්ශනවලට බාධාවක් වී ඇති බවයි ඔහුගේ අදහස. මේ සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කළද ඔහු ඒ පිළිබඳව නොසැලකිලිමත් වීම කණගාටුවට කරුණක් බවද වෛද්‍ය චමල් සංජීව සඳහන් කළා.

 

වෘත්තීය සහ සිවිල් සංවිධාන නැවතත් අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලයි

 

මෙම මූල්‍ය වංචා පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් නැවත වරක් අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී පොලීසිය භාර අමාත්‍යවරයා හමුවීමට දිනක් ඉල්ලා ඇති බව වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළා.

 

දේශපාලන හිතවත්කම්වලින් තොරව මෙම විමර්ශන කඩිනමින් සිදු කර, වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

මෙම හෙළිදරව්ව ශ්‍රී ලංකාවේ මූල්‍ය වංචා පිළිබඳව යළිත් කතාබහක් ඇති කරනු ඇත.

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි