SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා විදුලිබල මණ්ඩල සේවක වෘත්තීය සමිති ගෙනයන අකුරට වැඩ කිරීමේ

වෘත්තීය ක්‍රියා මාර්ගයට 16 වන දා වන විට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් 17 වන දින සියලු සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇත.

 

 

ඒ අනුව, ලංවිම ඉන්ජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු 22,000ක් පමණ වන සියලු ශ්‍රේණීන් නියෝජනය කර 20,000ක් පමණ සේවක පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනු ඇතැයි තාක්ෂණික, ඉන්ජිනේරු අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදය කුමාර පවසා තිබේ.

 

ජවිපෙට අයත් ලංකා විදුලි සේවක සංගමය හැර ලංවිම අනෙක් සියලු වෘත්තීය සංගම් නියෝජිතයන් සිකුරාදා (සැප්. 12) දහවල් රැස් වී මෙම තීරණය ගත් බවද ඔහු පවසයි.

 

රෝහල් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා රටපුරා වැඩ මුරයට සිටින විදුලි සේවකයන් 1000ක් 1500ක පමණ පිරිසක් පමණක් එදින සේවයේ යෙදී සිටිනු ඇතැයිද උදය කුමාර කීය.

 

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ද ආණ්ඩුව ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස එය සංකේත වැඩවර්ජනයක් දක්වා ව්‍යාප්ත විය හැකි බවටත් වෘත්තීය සංගම් නියෝජිතයෝ අනතුරු ඇඟවූහ.

 

එහිදී රට පුරා තැන තැන විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවටත් අනතුරු ඇඟ වූ වෘත්තීය සංගම් හදිසි තත්ත්වයකදී ඊට ප්‍රමුඛත්වය ලබා දී යථා තත්ත්වයට  පත්කිරීම් සිදු කරන බව ඔවුහු පවසති. 

 

අකුරට වැඩ කිරීම දිගටම වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳුමක් ලැබෙන තුරු ක්‍රියාත්මක වන බවත් ඒ අනුව දිවා සේවා කාලයෙන් පසු විදුලිය බිඳ වැටීම් සීමිත ප්‍රමාණයක් යථා තත්ත්වයට පත්කළ ද තවත් ප්‍රමාණයක් යථාවත් කිරීමට තීරණය කර ඇත.

 

මේ තත්ත්වය මත සාමාන්‍යයෙන් දිනකට සිදුවන විදුලිය බිඳ වැටීම් සම්පූර්ණයෙන් කර ගැනීමට නොහැකි වනු ඇති බවත්, අධිසැර විදුලිය බිඳ වැටීමක් සිදුවුවහොත් ඒවා යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වනු ඇති බවටත් අනතුරු හැඟවීම් කරයි.

 

ඇති වී තිබෙන ගැටලුව විසඳා ගැනීමට රජය පාර්ශ්වයෙන් කඩිනම් හා සාධනීය ප්‍රතිචාරයක් ලබානොදී පාරදෘශ්‍යභාවයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේ නම් අකැමැත්තෙන් වුවද සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට පසුබට නොවන බවද විදුබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය දන්වා සිටී.

 

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඇති කරගත් එකඟතාවන් කඩ කරමින් අදාළ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුවන බැවින් එම ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යෑමටත්, ලංවිම සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් වෘත්තීය සංගම් විසින් ඉල්ලීම් 24ක්  ඉදිරිපත් කර ඇත.

 

@mawbima

නවතම ලිපි