රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපති ලෙස
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත්වී තිබේ.
මීට පෙර කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් අගෝස්තු 6 වන දා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු සඳහා ඔහු මෙලෙස තේරී පත්විය.
සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන විසින් යෝජනා කර ස්ථිර කරන ලදී.
අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා සඳහන් කළේ, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධූරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ය.
එමෙන් ම, කාරක සභාවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
තව ද, නව සැලසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්ය භාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.