SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ ප්‍රධාන පෙළේ ජාතික රෝහලක අධ්‍යක්ෂ ධූරය දරන

විශේෂඥ වෛද්‍යවරයෙක් මේ දිනවල දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.

 

 

හේතුව, වසර ගණනාවක් තිස්සේ ඔහුට හිමිවිය යුතු අමතර රාජකාරි දීමනා ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීමයි. අමාත්‍යාංශය පවසා ඇත්තේ මුදල් නොමැති නිසා එම හිඟ මුදල් ලබන වසර දක්වා ප්‍රමාද වන බවයි.

 

 

මෙම තත්ත්වය නිසා අසරණ වී ඇති වෛද්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවමින් සිය කනගාටුදායක තත්ත්වය පැහැදිලි කර තිබෙනවා. ඔහු එහි සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රමාදය නිසා තම මවගේ ප්‍රතිකාර සඳහා ලබාගත් බැංකු අයිරාවක් වෙනුවෙන් මසකට රුපියල් 15,000ක පොලියක් ගෙවීමට සිදුවී ඇති බවයි. තවද, රෝහලට යාමට පවා ගමන් වියදම් සොයා ගැනීමට නොහැකි තරමට තමන් අසරණ වී සිටින බවද ඔහු පෙන්වා දී තිබෙනවා. වසර පහක් පුරා තමාට හිමිවිය යුතු රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් නොලැබුණත්, රජයට ගෙවිය යුතු බදු මුදල් නියමිත වේලාවට වැටුපෙන් අඩු කරගැනීම පරස්පරයක් බවද ඔහු අවධාරණය කරනවා.

 

 

අධ්‍යක්ෂවරයාගේ කතාව මෙතැනින් අවසන් වන්නේ නැහැ. ඔහු රජයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා රුපියල් ලක්ෂ 45ක් ගෙවා තිබුණත්, ව්‍යාපෘතිය නිම නොවීම නිසා මසකට රුපියල් 45,000ක් කුලී ගෙවමින් පදිංචිව සිටින බවත්, ඒ සඳහා ගත් බැංකු ණයක් වෙනුවෙන් මසකට රුපියල් 105,000ක් ගෙවන බවත් ඔහු පවසනවා.

 

 

මෙය රාජ්‍ය අකාර්යක්ෂමතාවයේ ප්‍රතිඵලයක් මිස තම වරදක් නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ. පෞද්ගලික අංශයේ නම් වැටුප් ප්‍රමාදයට එරෙහිව පැමිණිලි කළ හැකි නමුත් රාජ්‍ය සේවකයෙකුට එවැනි පිහිටක් නොමැති වීම ගැනද ඔහු කණස්සල්ල පළකර තිබෙනවා.

 

 

මෙම අර්බුදයෙන් මිදීම සඳහා, හිඟ දීමනා කඩිනමින් ගෙවන ලෙසත්, පොලී ලෙස ගෙවූ මුදල් ප්‍රතිපූරණය කරන ලෙසත්, එසේ නොහැකි නම් ආපදා ණයක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා. මීට පෙර අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශය වැටුප් ගෙවීම් සඳහා වෙනත් වියදම්වලින් මුදල් හුවමාරු කරගත් බවද ඔහු සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

#Gossip

 

 

නවතම ලිපි