හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං අතර
විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද (12) උදෑසන සිදුව තිබේ.
චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවට අවධානය යොමු ව ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමඟ මේ ආකාරයේ සාකච්ඡාවක් පවත්වා තිබුණි. එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොළඹින් කුලී නිවසක් ගන්නා ලෙසත් අදාළ බරපැන චීනය විසින් දරන බවත් තානාපතිවරයා පවසා ඇතැයි මාධ්‍ය සටහන් කර තිබුණි.
එපමණක් නොව තවත් ඉහළ මට්ටමේ හිටපු ප්‍රබල දේශපාලනඥයකු සමඟද චීන තානාපතිවරයා ඉදිරියේදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.