අපේ ජනබල' පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාත්තේ යැයි
චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතුරලියේ රතන හිමියන් ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ අද (12) නියෝග කළේ ය.
ඒ, සිද්ධියට අදාළව උන් වහන්සේට ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000 ක මුදල් ඇපයක් නියම කරමිනි.
සිද්ධියට අදාල සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි රතන හිමියන් ඉකුත් (29) නීතිඥවරයකු මගින් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබුණා.
2020 මහ මැතිවරණයෙන් 'අපේ ජනබල' පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ සිද්ධියට අදාළව රතන හිමියන්ට චෝදනා ගොනුකර තිබුණි.