හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට
මීට මොහොතකට පෙර චීන තානාපතිවරයා පැමිණ ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ ඊයේ පාර්ලිමේන්තුව සම්මත කළ හිටපු ජනාධිපතිවරුන්ගේ අමතර වරප්‍රසාධ ඉවත් කිරීමේ යෝජනාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි මැදමුලන තම නිවස බලා යෑමට සූදානම් වන මොහොතකදීය.
තානාපතිවරයා චීන රජයේ යෝජනාවක් සමග පැමිණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොළඹින් පිට නොයන ලෙසත් චීන රජයේ ආධාරයෙන් කොළඹින් නිවසකට අවශ්‍ය වැය දැරීමට සූදානම් බවත් පවසා ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
රට බේරාගත් නායකයා ගෙදරින් එළියට ඇද දැමුවාය යන්න සටන් පාඨය කරගෙන මේ වනවිට රාජපක්ෂවාදීන් විරෝධතා දක්වමින් සිටින මොහොතක චීනයේ මෙම මැදිහත්වීම වත්මන් ආණ්ඩුවට කෙසේ බලපායිද යන්න ගැන දේශපාලන නිරීක්ෂකයෝ අවදානය යොමු කර ඇත.