2025 වසරේ ජූනි මාසය සඳහා වන ගිණුම් වාර්තා අනුව, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම)
රුපියල් බිලියන 13.16ක මූල්‍ය පාඩුවක් වාර්තා කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලංවිම විසින් ලබා දුන් තොරතුරුවලට අනුව, මෙම පාඩුවට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාරිභෝගිකයන්ට විදුලිය අඩු මිලකට ලබා දීමයි.
කෙසේ වෙතත්, එම වාර්තාවට අනුව ලංවිම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු කිසිදු ආයතනයකට ණය වී නොමැත.
ලාභදායිත්වය විශාල ලෙස පහතට
2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ලංවිම රුපියල් කෝටි 1,800 ඉක්මවූ පාඩුවක් වාර්තා කළේය. 2024 මාර්තු කාර්තුවේදී වාර්තා කළ රුපියල් කෝටි 8,400කට වැඩි ලාභයට සාපේක්ෂව, මෙය ලාභදායිත්වයේ සියයට 121.8ක විශාල පහත වැටීමක් පෙන්නුම් කරයි.
පුනර්ජනනීය බලශක්තියේ අභියෝගය සහ අනාගතය
වර්තමාන ලෝකයේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ස්වාභාවික සම්පත් භාවිත කරමින් පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට බොහෝ රටවල් යොමු වී ඇත.
එහෙත්, මෙවැනි තත්ත්වයක් තුළ ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය දිරිමත් කරනවා වෙනුවට, එය අධෛර්යමත් කරන තීන්දු කිහිපයක්ම රජය විසින් පසුගිය කාලයේදී ගනු ලැබූ බවට චෝදනා එල්ල වේ.
මෙම තීරණ හරහා ගල් අඟුරු සහ ඉන්ධන මත පදනම් වූ බලශක්ති මාෆියාවන්ට අනුබලයක් ලැබෙන බව විචාරකයෝ පෙන්වා දෙති.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගනිමින් විදුලිය නිපදවීම මගින් ජනතාවට අඩු පිරිවැයකින් විදුලිය ලබා දිය හැකි අතර, එය ජන ජීවිතයට විශාල පිටිවහලක් වනු ඇත. ලෝකයේ ඉදිරි අනාගතයේදී බලශක්තිය ප්‍රධාන අභියෝගයක් වන බැවින්, රජය තිරසර සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව බලශක්ති විශේෂඥයෝ පවසති.