චෝදනා එල්ල වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් පමණක්
දූෂණය සහ අල්ලස විසඳිය නොහැකි ගැටලුවක් යයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක පවසයි.
රංග දිසානායක පවසන්නේ, අල්ලස් කොමිසම විසින් මේ ගැටලුවේ මූලික ස්වභාවය හඳුනාගෙන ඇති බවයි.
විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සහ රාජ්‍ය ආයතන තුළ අල්ලස සහ දූෂණය පිළිකාවක් මෙන් මුල් බැසගෙන තිබේ. මෙම තත්ත්වය කෙතරම් සංකීර්ණද යන්න තමන්ට අවබෝධ වූයේ අල්ලස් කොමිසමට එක් වූ පසුව බවද ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම, දූෂණයට එරෙහිව හඬ නගන බොහෝ දෙනා ද අවසානයේදී දූෂිත ක්‍රියාවන්ටම යොමුවන බවක් දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දෙයි.
සිස්ටම් වෙනස් කළ යුතුයි කියා බොහෝ අය කතා කළත්, එය තමනට ලං වූ විට බොහෝ දෙනා තම ස්ථාවරය වෙනස් කරන බවත් මෙය තමා පෞද්ගලිකවම අත්දැකීමෙන් තේරුම් ගත් සත්‍යයක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක්’ සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
cnews