ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට
අද ( 2 ) දින උදෑසන කඩාවැදුණු මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහර දෙමින් බලහත්කාරයෙන් කාර්‍යලාය අත්පත් කරගැනීමට උත්සහා ගන්නා ලද යයි එම පක්‍ෂය සදහන් කරයි.
100කට වැඩි පිරිසක් මෙසේ කඩු පොලු රැගන කාර්‍යාලයට කඩා වැදී තිබෙන අතර එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත් යයිද පෙරටුගාමීන් චෝදනා කරයි.
එම පිරිස අතර ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පලාත් පාලන මන්ත‍්‍රීවරුන්, සංවිධායකයක් ඇතුළු පිරිසක් පැමිණි බවටත් ඔවුන් කියති.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මෙහිදී මාධ්‍යවෙත පැවසුවේ මෙම පහරදීම සිදු කර ඇත්තෙ ආණ්ඩුවට සම්බන්ධ මැරයන් පිරිසක් විසින් බවයි. ඔහුද මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත.
එහිදී වැඩිදුරටත් සුජිත් කුරුවිට පෙන්වා දුන්නේ යම් ස්ථානයකින් ඉවත් කිරීමට අවශ්‍ය නම් නිත්‍යානුකූලව ෆිස්කල් නියෝගයක් සමඟ පැමිණිය යුතු බවත්, අදාල ස්ථානයේ තමන්ගේ පක්ෂයට අයත් බඩු බාහිරාදිය භාණ්ඩ මෙන්ම පුස්තාකාලය සතු පොත්පත් විශාල ප්‍රමාණයක් තිබෙන බවයි. ආණ්ඩුව රජයේ කාර්‍යාල සුද්ධ කිරීම යැයි ව්‍යාපෘතියක් පටන් ගෙන දැන් එය තමන්ට විරුද්ධ මත දරණ දේශපාලන පක්ෂවල කාර්‍යාලවලට පහරදීමේ උපක්‍රමයක් දක්වා වෙස් මාරු කිරීම පිළිකුල් සහගත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
“අධිකරණ නියෝගයක් තිබෙනවානම් එය ක්‍රියාත්මක කළ යුත්තේ පිස්කල් නිලධාරියා ඇතුළු අධිකරණ නිලධාරීන්. දැන් අධිකරණ බලතල ජවිපෙට පවරාගෙනද? ටිල්වින් සිල්වා අගවිනිසුරු නෙවෙයි, විජිත හේරත් නීතිපති නෙවෙයි. මහින්ද ජයසිංහ ගම්පහ පිස්කල් නිලධාරියා නෙවෙයි. ජවිපෙ අධිකරණ බලතල අතට අරන්ද? පොලීසියේ බලයනම් අතට අරන් බව පෙනෙනවා. පොලීසිය පක්ෂ කාර්‍යාලයකට බලහත්කාරයෙන් කඩා වැදුණු මැරයන් ඉවත් කරනවා වෙනුවට පොලීසිය මාර්ග බාධක යොදමින් මැරයන් ආරක්ෂා කරනවා.
CNews