රුපියල් කෝටි ගණනින් මුදල්, දේපළ අයථා අන්දමින් උපයාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන
විමර්ශනයන්ට අදාළව ප්‍රශ්න කිරීම සඳහා හිටපු ඇමැතිවරුන් වන මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ් සහ සාගල රත්නායක ඉදිරි දින කිහිපය ඇතුළත නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.
පසුගිය රජයන් සමයේ අයථා ආකාරයට අසීමිත දේපළක් උපයාගෙන ඇති බවට හිටපු ආරක්‍ෂක අංශ ප්‍රධානියකු ඇතුළු දේශපාලනඥයන් 26 දෙනකුට එරෙහිව චෝදනා එල්ලවී තිබිණි.
මේ සම්බන්ධයෙන් එම ඒකකය මාසයකට ආසන්න කාලයක සිට විමර්ශන පවත්වාගෙන යන අතර හිටපු ඇමැතිවරුන් රැසකගෙන් මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබිණි.
ඉපැයූ ආකාරය හෙළි කිරීමට අපොහොසත් වන දේපළ සියල්ල රජයට පවරාගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය පවසයි.
@හේමන්ත රන්දුණු