නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පොලිස්පතිවරයා ලෙස පත්වීමත් සමග
මහජනතාවගේ සහ පොලිස් නිලධාරීන්ගේ ගැටළු ක්ෂණිකව විසඳීම සඳහා නව WhatsApp අංකයක් හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරතුරුවම මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා කැපවීමෙන් යුතුව තම රාජකාරී ඉටු කරනු ලබත්,
මෙහිදී මහජනතාවගේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් ඔවුන්ගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් අපරාධ හා ඔවුන්ට මුහුණ පෑමට සිදු වන විවිධ ගැටලුකාරී අවස්ථා වලදී සෘජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් ඇති බවත් නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව අද (2025 අගෝස්තු 13) සිට මෙම නව අංකය 071-8598888 ක්‍රියාත්මක වේ.
මෙම අංකය භාවිතා කළ හැකි ආකාරය:
- පණිවිඩ සහ තොරතුරු: මහජනතාවට සහ පොලිස් නිලධාරීන්ට තම ගැටළු සහ තොරතුරු පොලිස්පතිවරයාට කෙලින්ම යැවීමට පුළුවන්.
- ඡායාරූප සහ වීඩියෝ: අපරාධ හෝ වෙනත් ගැටළුකාරී අවස්ථාවලදී ඡායාරූප සහ වීඩියෝ යැවීමේ පහසුකම ද තිබේ.
- ඇමතුම් නැත: මෙම අංකයෙන් දුරකථන ඇමතුම් ලබා ගත නොහැකි අතර, එය භාවිතා කළ හැක්කේ WhatsApp පණිවිඩ සඳහා පමණි.
මෙම පියවර මගින් පොලිසිය සහ මහජනතාව අතර සබඳතාවය වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.