SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' සභාපති ආර්. එම්. මනිවන්නන් සමග අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

 

 

SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පසුගියදා කළ

ප්‍රශ්න කිරීම් හමුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ ප්‍රකාශය සහ එහිදී සඳහන් කළ වාර්තා නිවැරදි නොවන බවට අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (අගෝ: 07) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේවනවිට සමාජය තුල බරපතල කතිකාවක් මතුව ඇත.

 



එම කතිකාව තුල කතාබහට ලක්ව ඇති 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' සභාපති ආර්. එම්. මනිවන්නන් අද (08) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කටකතාව වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබු සෑබෑම ජයග්‍රහණයක් බවයි.



ඔහු එබව සඳහන් කර ඇත්තේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.



එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.


මාධ්‍ය නිවේදනය
2025 අගෝස්තු මස 8: කොළඹ දී

වසර 13 ක් පුරා මේ රටේ ගෞරවණීය ජනතාව නොමග යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතාව වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබු සෑබෑම ජයග්‍රහණයකි.

එනම්,

1. සුප්‍රීම් සැට් 1 නමින් සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර ඇති බව.

2. කිසිදු රාජ්‍ය අරමුදල්, සම්පත් හෝ අනුග්‍රහයක් කිසිදා භාවිතා නොකල පුද්ගලික ආයෝජනයක් බවට ආයෝජන මණ්ඩලය විසින් ම තහවුරු කිරීම

 


අපගේ සමාගම විසින් සිදු කළ මෙම ආයෝජනය පිළිබඳව 2012 වසරේ සිට ම පොදු ජනතාව නොමග යවමින්, පටු ග්‍රාම්‍ය දේශපාලන වාසි වෙනුවෙන් සාවද්‍ය මතවාදයන්, දශකයකට පසුව නිල රෑඛීය ආයතන විසින් දත්ත, වාර්තා සමගින් ම තහවුරු කිරීම සැබවින්ම සතුටුදායක පණිවුඩයකි.

 

නමුත් තවමත් ඇතැම් ඇතැම් පුද්ගලයින් අපගේ සමාගම සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශ දිගටම කරගෙන යන අතර, විශේෂයෙන් තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව, අන්තර් ජාතික චන්ද්‍රිකා ගවේශන සුහුරු මෙවලම් හරහා මෙම චන්ද්‍රිකාවේ පිහිටීම ලබාගැනීමට හැකියාව පවතිද්දිත්, අමනෝඥ අසත්‍ය පැවසීම, හා ආයතනික ගිණුම් පිළිබඳව බොරු දත්ත සැපයීම පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

 

 

තාක්ෂණික පැහැදිළි කිරීම:



SUPREMESAT -1 චන්ද්‍රිකාව මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවරදිව සක්‍රීය ලෙසින් පවතී, මූලික දියත් කිරීමේ සිටම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇත.

එසේම පුද්ගලික සමාගමක් ලෙසින් අප සතුව පවතින පුද්ගලික සමාගම් ගිණුම් හා එහි දත්ත වාර්තා අපගේ නිසි නියෝජනයක් හා පිළිගත් දත්ත වාර්තා නොමැතිව, ඉතාමත් සාවද්‍ය ලෙස, ජනතාව නොමග යන අයුරින් විකෘති කර ජනගත කිරීම ඉතාමත් පිළිකුල් සහගතය.

කිසිදු විෂයානුබද්ධ දැනුමක්, අවබෝධයක් නොමැතිව පමණක් නොව සරල සාමාන්‍ය දැනුමක් වත් නොමැතිව මෙවන් ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව අප බලවත් අප්‍රසාදය පළ කරන්නෙමු.

අප විසින් සිදු කරන අන්තර්ජාතික තලයේ මෙහෙයුම්, ව්‍යවසාය ව්‍යාපෘති, ප්‍රමුඛ පෙළේ ගෝලීය චන්ද්‍රිකා ක්‍රියාකරුවන් හා ඔවුන්ගේ ප්‍රමිතීන්ට, කාර්ය සාධන ක්‍රියාවලීන්ට හා ජාත්‍යන්තරව පිළිගන්නා සම්මත ප්‍රමිතීන්ට අනුව විනිවිදභාවයෙන් කටයුතු කරන අප සමාගමට දැඩි අපහාසයක් බව දැඩිව සඳහන් කරන්නෙමු.

 

SupremeSat සමාගම බහු නෛතික රාමු යටතේ නිසි දේශීය හා අන්තර් ජාතික නීති රෙගුලාසීන්ට යටත්ව, නිසි අවසරයන් යටතේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් හා නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක වේ. නිසි දැනුමක් අවබෝධයක් නොමැති හා ජනතාව නොමග යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් පිළිබඳව හා ඔවුන් විසින් කරන පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් අප සමාගම දැඩි කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

 

නිරන්තරයෙන්ම SupremeSat මේ රටේ ප්‍රගමනය වෙනුවෙන්, මෙවන් නවෝත්පාදන ක්ෂේත්‍රයන්ට දායකත්වය සපයමින් හා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, අප සතු සමාගම් කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂෙත්‍රයේ කොටස්කරුවෙක් ලෙසින් ඉදිරියටත් කටයුතු කරන බව සහතික කරන්නෙමු.



අපගේ සමාගම, එහි ඉතිහාසය සහ අපගේ මෙහෙයුම්වල විෂය පථය පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා, www.supremesat.com වෙත පිවිසෙන ලෙස අපි සියලු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දිරිමත් කරමු.


 
(ආර්. එම්. මනිවන්නන්)
සභාපති
සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 SupremeSAT official Statement Sinhala version page 0001

SupremeSAT official Statement Sinhala version page 0002

නවතම ලිපි