SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06)

පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආදායම් වාර්තා නිවැරදි නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ අද (අගෝ: 07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

 

 

අග්‍රාමාත්‍යවරිය කිව්වේ කුමක් ද?

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.

 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇති බව ය.

 

ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති ආදායම් මෙසේ ය.

  • 2015/2016 - රු. මිලියන 19617
  • 2016/2017 - රු. මිලියන 28133
  • 2017/2018 - රු. මිලියන 29106
  • 2018/2019 - රු. මිලියන 34169
  • 2019/2020 - රු. මිලියන 42960
  • 2020/2021 - රු. මිලියන 62545
  • 2021/2022 - රු. මිලියන 87789
  • 2023 පළමු මාස 6 - රු. මිලියන 39590

 

ඒ අනුව, 2023 වසරේ පළමු මාස 6 දක්වා එම ව්‍යාපෘතියෙන් ලැබුණු සමස්ත ආදායම රුපියල් මිලියන 343,909ක් බව ඇයගේ දත්ත අනුව කියැවිණි.

 

 

'අගමැතිනිය දුන් පිළිතුරේ වැරැද්දක්'

 

කෙසේ වෙතත්, අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ දත්තවල වරදක් ඇති බව ය.

 

ඒ අනුව, වාර්ෂික ආදායම් පහත පරිදි විය යුතු බව ඔහු පැවසීය.

  • 2015/2016 - රු. මිලියන 19.167
  • 2016/2017 - රු. මිලියන 28.133
  • 2017/2018 - රු. මිලියන 29.1
  • 2018/2019 - රු. මිලියන 34.1
  • 2019/2020 - රු. මිලියන 42.9
  • 2020/2021 - රු. මිලියන 62.0
  • 2021/2022 - රු. මිලියන 87.0
  • 2023 පළමු මාස 6 - රු. මිලියන 39.5

 

 

ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව පෙනී යන්නේ, අග්‍රාමාත්‍යවරිය දශම තිත අතහැර දත්ත ඉදිරිපත් කර ඇති බව ය.

 

 

"අගමැතිතුමිය නම් උත්තර දෙන්නෙ, ඒක හරියට බලල ඒ තහවුරුව අරගෙන කියන්න ඕනෙ. ඒ නිසා පිළිතුරු ලබා දීම වැරැද්දක් නිලධාරීන් කරල තියෙනවා,"

වසන්ත සමරසිංහ පැවසීය.

 

 

'ඇමතිතුමා කියන්නේ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනවා කියල ද?'

 

 

අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විමසා සිටියේ, "ඇමතිතුමා කියන්නේ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනවා කියල ද?" යනුවෙනි.

 

 

"දැන් එතකොට කියන්නෙ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනව කියල ද වසන්ත සමරසිංහ ඇමතිතුමා කියන්නෙ? කිසි ම තහවුරු කිරීමකින් තොරව දේවල් කියනව කියල ද කියන්නෙ? මේක තමයි අපිත් කිව්වෙ, මේ ආණ්ඩුවට කිසි ම වැඩක් බෑ කියල."

 

 

ඩී.වී. චානක මන්ත්‍රීවරය සඳහන් කළේ, සාමාන්‍යයෙන් අග්‍රාමාත්‍යවරියගෙන් පිළිතුරක් ඉල්ලූ විට ඇය අග්‍රාමාත්‍ය ලේකම්වරයා හරහා පිළිතුර ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ය.

 

@BBC

නවතම ලිපි