ජනවසම ආයතනයට (ජාතික වැවිලි කළමනාකරණ සේවා මණ්ඩලය) අයත් ඌන උපයෝජිත
තේ සහ රබර් ඉඩම් බදු දීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.
ජනවසම පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීම, සංවර්ධනය කිරීම සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහාය.
මෙම ආයතනය රජයට අයත් වැවිලි සමාගම් සහ තේ, රබර්, පොල් ඇතුළු විවිධ වගාවන්හි දේපළ කළමනාකරණය කරයි.
ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම, ඵලදායිතාව ඉහළ නැංවීම සහ කර්මාන්තයේ තිරසාරභාවය සහතික කිරීම එහි ප්‍රධාන කාර්යයන් අතර වේ.