ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී, දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට සහ චෝදනාවලට ලක් වූ
සුප්‍රීම් සැට් (SupremeSAT) සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය වැදගත් කරුණු කිහිපයක් හෙළිදරව් කළාය. ඇය විෂය භාර අමාත්‍යවරිය ලෙස, ආයෝජන මණ්ඩලය (BOI) වෙතින් ලැබුණු නිල තොරතුරු මත පදනම්ව මෙම ප්‍රකාශය සිදු කරන ලදී.
”2011, 2012 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහලා තියෙන ප්‍රශ්නය අනුව සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම ගතවී තිබෙන්නේ 2012 මැයි මස 23 වන දින. ඒ 2013, 2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් මිලියන දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක් මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා.
සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ දාහත්වන වගන්තිය යටතේ දේශීය වෙළඳපොල කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නේ. රුපියල් මිලියන එක්දාස් අටසිය විසි අටක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-05-23 දින සුප්‍රීම් එස් එච් එස් ටී පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය 2015-08-27 දින සිට වාණිජ මෙහෙයුම ආරම්භ කර ඇත. පවතින වාර්තාවලට අනුව, වර්ෂ 2019 වන විට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ.
සුප්‍රීම් ඇසෙල් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම, කොටස් හතළිස් හත්මිලියන එක්ලක්ෂ අසූදහස් දෙසීයක්. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම, කොටස් එකසිය අසූ අට මිලියන තුන්ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හැත්තෑව. අර පළවෙනි එකට සීයට විස්සයි. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමට සියයට අසූවයි. ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මුල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම විසින් පහත සඳහන් ආදායම් ලබා ඇත.
වර්ෂ 2015, 2016 ආදායම රුපියල් මිලියන දහනමදාස් හයසිය දාහතයි. 2016, 2017 ආදායම රුපියල් මිලියන විසිඅටදාස් එකසිය තිස් තුනයි. 2017, 2018 විසිනමදාස් එකසිය හයයි. 2018, 2019 තිස්හතරදාස් එකසිය හැට නමයයි. 2019, 2020 හතළිස් දෙදාස් නමසිය හැටයි. 2020, 2021 හැට දෙදාස් පන්සිය හතළිස් පහයි. 2021, 2022 අසූ හත්දහස් හත්සිය අසූ නමයයි. 2023 පලවෙනි මාස හය තුල තිස් නමදාස් පන්සීය අනුවයි. දීලා තියන වාර්තා අනුව කතානායකතුමනි මං මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි.”
යළි රාජපක්ෂ පාලනයක් දෙසට සමාජය දැක්කීම..
(සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ජාජබ මැතිවරණ වේදිකාවේ කතා)
අගමැතිවරිය හෙළි කළ පරිදි, 2011 සහ 2012 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු මුදලක් ආයෝජනය කර නොමැත. සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ 2012 මැයි 23 වන දින ගිවිසුම්ගත වී ඇති අතර, එය ආයෝජනය කර ඇත්තේ ආයෝජන මණ්ඩල නීතියේ දහහත්වන වගන්තිය යටතේ දේශීය වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි.
මෙම ව්‍යාපෘතිය යටතේ, රුපියල් මිලියන 1,828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවා ක්‍රියාත්මක කිරීම සඳහා සුප්‍රීම් එස් එච් එස් ටී පෞද්ගලික සමාගම සහ ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමකට එළඹ තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිත අතර, එය 2015 අගෝස්තු 27 වන දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත.
සමාගමේ ආදායම් සහ කොටස් ව්‍යුහය
අගමැතිනිවරිය ඉදිරිපත් කළ වාර්තාවලට අනුව, මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට සැලකිය යුතු මූල්‍ය ප්‍රතිලාභ ලැබී තිබේ. පහත දැක්වෙන්නේ වසරින් වසර සමාගම විසින් උපයා ඇති ආදායමයි.
- 2015-2016 ආදායම: රුපියල් මිලියන 19,617
- 2016-2017 ආදායම: රුපියල් මිලියන 28,133
- 2017-2018 ආදායම: රුපියල් මිලියන 29,106
- 2018-2019 ආදායම: රුපියල් මිලියන 34,169
- 2019-2020 ආදායම: රුපියල් මිලියන 42,960
- 2020-2021 ආදායම: රුපියල් මිලියන 62,545
- 2021-2022 ආදායම: රුපියල් මිලියන 87,789
- 2023 පළමු මාස හය තුළ: රුපියල් මිලියන 39,590
2019 වන විට සමාගමේ කොටස් ව්‍යුහය ද ඇය හෙළි කළාය. සුප්‍රීම් ඇසෙල් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම සියයට 20ක කොටස් හිමිකමක් ද, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම සියයට 80ක කොටස් හිමිකමක් ද දරන බව ඇය සඳහන් කළාය.
"චි චී රොකට්" චෝදනා සහ සත්‍යය
අග්‍රාමාත්‍යවරියගේ මෙම ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අවධාරණය කළේ, “චි චී රොකට්” ලෙස සමාජයේ ජනප්‍රිය වූ, "ඩොලර් මිලියන 300ක් ආයෝජනය කර අතුරුදහන් වූ" ව්‍යාපෘතියක් ලෙස පැවති චෝදනා අසත්‍ය බවයි. ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව කිසිදු රුපියලක් ආයෝජනය නොකළ ද, වාර්ෂිකව විශාල ආදායමක් රටට ලැබී ඇති බවයි.
පාර්ලිමේන්තුව තුළ පවා ඇතැම් මන්ත්‍රීවරුන් මෙම ආයෝජනය “අතුරුදහන් වී ඇති” බවට ප්‍රකාශ කර තිබූ බවත්, නමුත් මෙය රටට ලැබුණු විශාල ආයෝජනයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ආයෝජනයක වටිනාකම තීරණය කිරීම
අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ආයෝජනයක ප්‍රමාණය පමණක් වැදගත් නොවන බවත්, එය රටේ සංවර්ධන ඉලක්ක සමඟ ගැලපේද යන්න සලකා බලා ආයෝජනයක් හොඳද නරකද යන්න තීරණය කළ යුතු බවත්ය.
ඇය අවසාන වශයෙන් පැවසුවේ, තමා මෙම පිළිතුර සැපයූයේ ලැබී ඇති දත්ත සහ වාර්තා මත පදනම්ව බවත්, ආයෝජනයේ ප්‍රමාණය හෝ එහි ගුණාත්මකභාවය පිළිබඳව අවසන් තීන්දුව ගැනීමට සමාජයට ඉඩ දෙන බවත්ය.
මෙම රොකට්ටුව සම්බන්ධයෙන් මෙන්ම පසුගිය කාලය තුළ ජාතික ජව බලවේගය විසින් එල්ල කළ බොහෝ චෝදනා මේ වන විට ඔවුන් විසින්ම නිෂ්ප්‍රභ කිරීම තුළින් නැවත වරක් රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් ධනාත්මක සමාජ මතයක් ගොඩනැගෙමින් ඇති බව විචාරක මතය වී ඇත.