SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිගු කලක් තිස්සේ කල් දැමුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්

ආණ්ඩුව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි. ඔහුට  අනුව, පැරණි සමානුපාතික නියෝජන ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකි අතර, අලුත් මැතිවරණ ක්‍රමයක් තවමත් සකස් කර නොමැත.

 

 

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. මෙම සාකච්ඡාවලදී සීමා නිර්ණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු වී තිබේ.

WhatsApp Image 2024 11 19 at 19.01.24 46d6408a

(රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න අමාත්‍යාංශයේ වැඩ බාරගනිමින්..)

 

 

අමාත්‍ය චන්දන අබේරත්න වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, "පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික නියෝජන ක්‍රමයට පවත්වන්න බෑ. අලුත් මැතිවරණ ක්‍රමයක් හදලාත් නෑ. එතකොට දැන් මොකද කරන්නේ කියන සංවාදයක් තමයි මේ පැවැත්වෙන්නේ" යනුවෙනි.

 

 

සීමා නිර්ණයේ අවිනිශ්චිතතාව

 

සීමා නිර්ණ කටයුතු පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, "සීමා නිර්ණය සම්බන්ධයෙන් අපි කතා කළා. උපදේශක කාරක සභාවෙත් අපි මේ ගැන සාකච්ඡා කළා. ඒ පිළිබඳ ඇති තත්ත්වයන් නිරීක්ෂණය කරගෙන යනවා. අපි අවසන් නිගමනයකට ඇවිත් නෑ. අලුතින් සීමා නිර්ණ කටයුතු සිදු කරන්නේ ද යන්න නිශ්චිත අදහසක නෑ. සාකච්ඡා අනුව තමයි එය තීරණය වෙන්නේ. නමුත් මීට අදාළ තත්ත්වයන් පිළිබඳ කතාබහක් මේ දවස්වල යනවා."

 

 

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව

 

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ අමාත්‍යවරයා, "පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ජනතාවට අපි දෙන්න ඕනා. පළාත් සභා මැතිවරණය නැතිවෙලා දැන් අවුරුදු හත, අටක් ගතවෙලා තිබෙනවා. අපේ අදහස තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් විය යුතුයි කියන එක. ඒ නිසා ඒකට අදාළ වැඩ ටික කෙරෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න වැඩ ටිකක් තිබෙනවානේ. ඒ සඳහා මූලික සැකැස්ම හදා ගැනීම කෙරෙනවා" යනුවෙන් පැවසීය.

 

 

අවසාන වශයෙන්, අමාත්‍යවරයා නැවතත් අවධාරණය කළේ,

"මොකද දැන් පැරණි සමානුපාතික නියෝජන ක්‍රමයට කරන්නත් බෑ. අලුත් ක්‍රමයක් හදලාත් නෑ. එතකොට ඒ පවත්වන ක්‍රමයට අදාළව වැඩපිළිවෙළක් සාකච්ඡා කිරීමයි කරන්නේ, මැතිවරණය පවත්වන්න නොවෙයි. දැන් මොකද කරන්නේ කියන සංවාදයක් තමයි දැන් පැවැත්වෙන්නේ"

යනුවෙනි.

 

මෙම ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වන්නේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට තවමත් පැහැදිලි මාර්ග සිතියමක් නොමැති බවයි. නව මැතිවරණ ක්‍රමයක් සහ සීමා නිර්ණ කටයුතු කඩිනමින් අවසන් කර, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් වන පළාත් සභා යථා තත්ත්වයට පත් කිරීමට රජයට ඇති අභියෝගය මෙයයි.

 

නවතම ලිපි