වජ්‍රයාන බුදු දහමේ දෙවන බුදුන් ලෙස සැලකෙන මහා ගුරු පද්මසම්භව සහ තාරා බෝධිසත්වයාණන් වහන්සේලාගේ
ප්‍රතිමාවන් 2025 අගෝස්තු 4 වන අද පෙරවරු 10ට හෙයියන්තුඩුව පාලි හා සංස්කෘත සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රතිෂ්ඨාපනය සිදු වේ.
8 වැනි සියවසේ උතුරු ඉන්දියාව, ටිබේටය, භූතානය, මොන්ගෝලියාව ඇතුළු හිමාල කඳු පංතිය ආශ්‍රිත රටවලට බුදු දහම හඳුන්වා දෙන ලද්දේ නෙළුම් මලෙන් උපන්නේ යැයි සැලකෙන පද්මසම්භව නම් ආධ්‍යාත්මික ගුරුවරයා විසිනි. බුද්ධ දර්ශනය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් මෙන්ම උසස් ආධ්‍යාත්මික ශක්තියක් සහිත ගුරු පද්මසම්භව කරුණාවේ සංඛේතයක් ලෙස ද සැලකේ. ආධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගැනීමට ගුරු පද්මසම්භව වන්දනාව ලොව පුරා බෞද්ධයින් අතර ප්‍රචලිතය.
බෝධිසත්ව තාරා දේවතාවන් ද කරුණාවේ සහ ආධ්‍යාත්මික ශක්තියේ සංඛේතයකි. කරදර බාධක මෙන්ම බිය සහ සැක දුරු කරගැනීමට ද බෝධිසත්ව තාරා වන්දනාව මහායාන බෞද්ධ සංස්කෘතිය තුල ප්‍රචලිතය. ආරක්ෂාව පිණිස මෙන්ම ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගැනීමටද බෝධිසත්ව තාරා වන්දනාව සිදු කරනු ලැබේ.
මෙම දුර්ලභ සහ වටිනා පිළිම වහන්සේලා නේපාලයේ සිට මෙරටට ගුවනින් වැඩමවා ඇති අතර, ඒ සඳහා භික්ෂුණි කන්ඩ්‍රෝ සෙරින් වන්මෝ සහ පවුලේ අය විසින් මූල්‍ය අනුග්‍රහය සපයන ලදී. සති දෙකකට ආසන්න කාලයක් පුරා ඉන්දියාව සහ නේපාලය ඇතුළු රටවලින් පැමිණි බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසින් ගාථා සහ සූත්‍ර සජ්ජායනා කරමින් මෙම පිළිම වහන්සේලා සඳහා පුද පූජා පැවැත්වූහ.
ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ගේ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා පාලි සහ සංස්කෘත සංස්කෘතීන් නියෝජනය කරමින් සියයක අධික භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙන්ම ගිහි බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. මෙහිදී පාලි සහ සංස්කෘත යන සංස්කෘතීන් ද්විත්වයම නියෝජනය කරමින් ආගමික වතාවත් සිදු කිරීම සහ පුද පූජ පැවැත්වීම බෞද්ධ සංස්කෘතීන් අතර සහජීවනය ලොවට පෙන්වා දෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
බෞද්ධ සංස්කෘතීන් අතර සහජීවනය, අවබෝධය සහ දැනුම බෙදාහදා ගැනීමේ අරමුණින් පිහිටුවා ඇති ලොව ප්‍රථම සහ එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය විසින් බුදු දහමේ විවිධත්වය අගයමින් බෞද්ධ ලෝකය එක්සත් කිරීමට ගනු ලබන මාහැඟි වෑයමේ තවත් එක් සංධිස්ථානයක් ලෙස මෙය සැලකිය හැකිය.
මෙම පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ ලංකාවේ බෞද්ධ සහෝදරත්ව පදනම විසින් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 90 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ සිවිවන වැඩසටහන ලෙසය.
ඉදින් මේ උතුම් ජීවමාන පිළිම වහන්සේට පුජෝපහාර දක්වනු වස් සද්භාවයේ ශුද්ධා හස්තයන් මුල් කර ගනිමින් අගෝස්තු 04 වන සඳුදා දින උදෑසන 10.00 ට ධර්මාශිර්වාදයන් ජයග්‍රහණය, ශක්තිය, සෞභාග්‍යය ලබා ගැනුමට ඔබ සැමට ගෞරවාදර පූර්වකව ආරාධනා කර සිටියි.
සංවිධායක කමිටුව
පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය
නො. 330/7B
දේවමිත්ත පෙදෙස
(ජයන්ති මාවත)
හෙයියන්තුඩුව.
Location⬇️
https://maps.app.goo.gl/jUoMi9kYRDbK5DXJ6?g_st=ipc
@බෞද්ධ සහෝදරත්ව පදනම