SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින්

තවත් රටවල් 40ක් සඳහා වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍ය විජිත් හේරත් පවසයි.

 

 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති “Hotel Show Colombo 2025”  ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

එක්සත් රාජධානිය ඇතුළු රටවල් හතක සංචාරකයින් සඳහා මීට පෙර වීසා ගාස්තු ඉවත් කිරීමට ගත් තීරණයට මෙය අනුපූරක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

මෙම තීරණය හේතුවෙන් වාර්ෂිකව ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක ආදායම් අහිමිවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

කෙසේ වෙතත්, සංචාරක පැමිණීම්වල අපේක්ෂිත වර්ධනය සහ ඒ ආශ්‍රිත ආදායම් මෙම අලාභය පියවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

 

Hotel Show Colombo 2025 සමාරම්භක උත්සවය  ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

නවතම ලිපි