SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ

පටන් ගත් එකක් නොවන බව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය පවසයි.

 

 

මෙම ප්‍රතිසංස්කරණ වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වූ දෙයක් බවද ඇය කියා සිටියාය.

 

ඇය මේ බව කියා සිටියේ විවාදයට බඳුන්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් පලකරමිනි.

 

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදය ඉදිරියටන් දිගටම පවතවාගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අයිතිය ගැන විපක්ෂයෙන් විවිධ අදහස් මතු වුණා.

 

අධ්‍යාපන පුතිසංස්කරණ ජාතික ජන බලවේගය පටන් ගත්තඑකක් නොවේ කියලා අප පිළිගන්නවා. මෙය වසර ගණනාවක් තිස්සේ කතා වෙච්ච දෙයක්.

 

අනෙක ඒ අධ්‍යාපනයේ සංකල්ප දේශපාලන පක්ෂවලට අයත් දෙයක් නෙවෙයි. මේවා ගෝලීය සංකල්ප දැනුම කියන දේට එක අයිතිකරුවෙක් නෑ අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට කිසිවකුත් පෞද්ගලික අයිතියක් දරන්නේ නැහැ.

 

අධ්‍යාපන පද්ධතියේ බරපතළ ප්‍රශ්න මතු වී තිබෙනවා. එක පැත්තකින් ගුරු අතිරික්තය කතා කරනකොට ඒ හා සමානවම ගුරු හිඟයක් තිබෙනවා.

 

දිනපතා පාසල් පැමිණීමේ තොරතුරු ගතහොත් 2024 වසරේ 80,591 ක් හරියට පාසල් ඇවිත් නැහැ. අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රශ්නයට උත්තරයක් ලබාදීම සඳහා අප මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා සංකල්ප පත්‍රිකාව නිර්මාණය විය යුත්තේ සාකච්ඡාවක් මඟිනුයි. ඒ සඳහා යෝජනා ලබාදෙන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා”

 

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!

 

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ද මූලික පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද(25) පාර්ලිමේන්තුවට පැවසුවාය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ වත්මන් රජයේ කාලය අවසන් වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි.

 

 

නවතම ලිපි