SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට

ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත.

 

ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(23) බදාදා රැස්වීමට නියමිතය.

 

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය. ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන  ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය.

 

 

මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන ය.

 

ඔහු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේය.

නවතම ලිපි