සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී
කේ සංජීව විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ එස්එල් ව්ලොග් විසින් නිශ්පාදනය කරන ලද වාර්තාමය චිත්‍රපටයේ මුල් කොටසේම (පටං ගැනීමේදීම තිබෙන) ටයර් දාලා දෙන්නෙක්ව ගිනි තියන කෑල්ල ඉතාම වැදගත් යැයි මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පවසයි.
ඔහු කේ.සංජීව විසින් නිර්මාණය කර ඇති ලසන්ත වික්‍රමතුංග සම්බන්ධ වාර්තා චිත්‍රපටය නිකුත් කිරීම සම්බන්ධයෙන් මුහුණු පොතේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.
“ලසන්ත ගැන කතා කරද්දි ලසන්ත නිසා රාජපක්ෂලාට බිලි වෙච්ච මේ දෙන්නා ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නෑ. ලසන්තට වගේම මේ බිලිවෙච්ච දෙන්නටත්, ජේසුදාසන්ටත් තවම යුක්තිය නෑ.
ඒ වගේම තමයි මේකෙදි ජනාධිපති නීතිඥ එම් ඒ් සුමන්තිරන් මහතා කියන එක් කතාවක් මීට පෙර වැඩියෙ ප්‍රසිද්ධ නොවූ දෙයක්. ඒ තමයි ලසන්තගේ පත්තරේට ගෝඨාභය දිසා අධිකරණයේ නඩු දැම්මට පස්සේ ගෝඨාභයගෙන් සාක්කි ගනිද්දි සුමන්තිරන් මහතා හරස් ප්‍රශ්න අහනවා. නඩුවෙන් පස්සේ සුමනිතරන් මහතාගේ සහ ඔහුගේ කණිෂ්ඨ නීතිඥයාගේ ඡායාරූප රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ දානවා දේශද්‍රෝහීන් කියලා. ගෝඨලට විරුද්ධ වෙන සියලුම දෙනා ඒ් කාලේ හංවඩු ගැහුවේ මේකෙන්. ජාති ද්‍රා්හීන් හරි දේශද්‍රෝහීන් හරි කියලා හංවඩු ගැහුව ගමන් ඒ්ක ඒ් විදිහටම අපේ සමාජය ඒ් කාලේ පිළිගත්තා. මේ හංවඩුව වදින්නේ රාජපක්ෂලාගේ අපරාධවලට විරුද්ධ වීම නිසා කියන ඒක සමාජය තේරුම් ගත්තේ නෑ. මුනිස්සුන්ට 2022දී රාජපක්ෂලා ගැන තේරුම් යද්දි වෙන්න ඔ්න දේවල් වෙලා ඉවරයි.
ලසන්තගේ පත්තරේ අයිතිය වෙන කෙනකුට ගියාට පස්සේ ඒ නඩුවෙන් සුමන්තිරන් මහතාට ඉවත්වන තැනට වැඩ හැදීමත් මීට කලින් අහපු නැති කතාවක්.
පුලුවන් අය සංජීවගේ ඩොකියුමන්ට්‍රිය බලන්න”.
මේ සංජීවගේ සටහන...
අපි මේ ෆිල්ම් එක පටන්ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විදිහට ජනතා ඡන්දයෙන් පත්වුණ ඒ ආසන්නතම කාලේ. කාලයක් තිස්සේ ලසන්ත වික්‍රමතුංග ගැන වාර්තා චිත්‍රපටියක් කරන්න ඕනෑ කියලා හිත හිතා හිටියේ. ගෝඨාභය ජනාධිපති උනාම ඇත්තටම කොහොමහරි මේක කරන්න ඕනෑ කියලා හිතුවා. ඒ හිතුවිල්ලට හේතු ගොඩක් තිබ්බා.
අන්තිමට අපි ඒක කලා.
ඔන්න ඊයේ ඉදලා ප්‍රේක්ෂකයන් ට ෆිල්ම් එක බලන්න පුළුවන්.
මේක මගේ අධ්‍යක්ෂණයක් උනාට මේක පිටිපස්සේ විශාල සෙනඟක් ඉන්නවා. ඒ හැමෝටම ස්තූතියි. ඒ පිරිස ගැන වෙනම හෑල්ලක් ලියන්න ඕනෑ.. උබලගේ ආදරය සහ මහන්සිය තමයි මේ එළියට ඇවිත් තිබෙන්නේ.
@කේ.සංජීව