SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලත් හිටපු මහ බැංකු අධිපතිවරයකු වන

අර්ජුන මහේන්ද්‍රන් දැනට සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ ආයෝජන සමාගමක ඉහළ තනතුරක් දරන බව දේශය පුවත්පත වාර්තා තිබිණ.

 

 

ඔහු මේ වන විට සේවය කරන්නේ සිංගප්පූරුවේ “විස්ඩම් ඕක්”‍ නැමති ආයතනයේය. එහි ආයෝජන විශේෂඥයකු ලෙස ඔහු ක්‍රියා කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි. යම් යම් ආයතනවල සහ තැනැත්තන්ගේ ආයෝජන පාලනය කිරීම, මූල්‍ය සම්පත් කළමනාකරණය, කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර ආයෝජන සම්බන්ධ උපදේශකයකු ලෙස ක්‍රියා කරන බව මේ සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්‍ය ජාලා වාර්තාවල සඳහන්ය.

 

 

හු සේවය කරන විස්ඩම් ඕක් සමාගම වර්ෂ 2016 දී ස්ථාපිත කරන ලද්දකි. සිංගප්පූරුවේ සහ හොංකොන් හි සිට ක්‍රියාත්මක වන බව දැක්වේ. දැනට මෙම සමාගම මගින් ඇමෙරිකන් ඩොලර් බිලියන 7 කට වැඩි ආයෝජන මෙහෙයවන බවද වාර්තා වේ. ඔහු මෙම සමාගමේ සේවය අගය කරමින් දැනට ජාත්‍යන්තර සම්මාන ගණනාවක්ද දිනාගෙන ඇති බව වැඩිදුරටත් කියැවෙයි.

 

 

2016 දී ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව සිංගප්පූරුවට ගිය හෙතෙම බැඳුම්කර වංචාවට අදාළ නඩු සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය උත්සාහ කළ ද මේ දක්වා සිංගප්පූරුව ඔහු ශ්‍රී ලංකාවට එවීම ප්‍රතික්ෂේප කිරීම නිසා කිසිදු බාධාවකින් තොරව එරට සේවයේ යෙදී සිටී.

 

Deshaya පුවත්පත ඇසුරිනි

නවතම ලිපි