SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය බලයට පත්වීමටත් පෙර සිටම ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව  පෙනී සිටි

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඊයේ ඔහුගේ යූටියුබ් චැනලයේ පළකර තිබූ වීඩියෝවක වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංසක්රණ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ.

 

 

ඔහු එහිදී පවසන්නේ වර්තමානයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතාබහ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල ගැන හේතු ගණනාවක් නිසා තමා අදහස් පළකරන බවත් ඒ අතර ප්‍රධාන  කාරණා තුනක් ඇති බවත් පවසයි.

එනම්,

  1. ඉතිහාසය ඉගැන්වීම පිළිබඳව තමා උනන්දු වන අතර සිය යූ ටියුබ් දැනලයේ ආරම්භයත් ඒ වෙනුවෙන් බවත් විශ්ව විද්‍යාලයේද  යම් අධ්‍යාපන වැඩසටහන් ඒ සම්බන්ධයෙන් සිදුකිරීම.
  2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් තිබීම.
  3. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති රාමුව නිර්මාණය කරන විට එහි අධ්‍යාපනය පිළිබඳ කොටස සකස් කිරීම සඳහා තිබූ කමිටුවේ තමාද සිටීම.

 

එසේම  පාසල් අධ්‍යාපනය තුළ ඉතිහාසය සහ පුරවැසි අධ්‍යාපනය අනිවාර්ය නොවන විෂයන් බවට පත් කිරීමේ වත්මන්  ආණ්ඩුවේ  සැලසුමට ද මහාචාර්ය නිර්මාල් දේවසිරි  දැඩි විරෝධය පළ කර තිබේ.

 

ඔහු ප්‍රශ්න කර සිටින්නේ ඉතිහාසය ඒ ආකාරයට ඉවත් කරමින් ආගම පමණක් අනිවාර්ය විෂයක් බවට පත් කර ඇති පදනම කුමක්ද යන්නය.

 

අධ්‍යාපන ඇමතිනී, අගමැති හරිනි අමරසූරියට තදබල ලෙස තම අප්‍රසාධය පළකරන මහාචාර්යවරයා ඇයට තමන් හා ප‍්‍රසිද්ද විවාදයකට අභියෝග කර සිටී.

 

ආණ්ඩුව කරන මෙවන් සංශෝධන සිහි බුද්ධියකින් තොරව සිදුකරන ඒවා බවටත් ඔහු චෝදනා කරයි.

 

ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් නිරිමාල් දේවසිරි මීට ඉහත පවසා තිබුණේ මෙවන් කතාවකි.

 

“මා සිතන ආකාරයට දැනට ලංකාවේ දේශපාලනයට අනාගතයේදී නායකත්වය සැපයීම සදහා පූර්ණ විභවයක් ඇති චරිත ඇත්තේ දෙකකි. එකක් චම්පික රණවකයි. අනෙක හරිනි අමරසූරියයි. චම්පික මගේ දේශපාලන පරමාදර්ශවලට නොගැලපෙන බැවින් මම අනුමත කරන්නේ හරිනි අමරසූරියගේ නායකත්වයයි”.

 

අනෙක් අතින්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී යැයි මා හැදින්වීමට කැමති පාර්ශවයටද චම්පිකට විකල්පයක් අවශ්‍ය වේ. දැනට අනුර කුමාර ඇතත් අනුර ගේ දේශපාලන ආමන්ත්‍රණ හැකියාව සීමිතය. විශේෂයෙන් ආණ්ඩුකරණය සදහා සලකා බැලීමේදී ඔහුගේ ආමන්ත්‍රණයේ සීමා පවතී.

 

මේ සීමා ජයගත හැකි විභවය විශාල වශයෙන් හරිනි අමරසූරියට ඇත. ඇත්ත වශයෙන්ම චම්පික රණවකට වඩා විශාල විභවයක් හරිනි අමරසූරිය සතුව ඇත”.

 

 

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සම්බන්ධයෙන් මුහුණු පොත් පරිශීලකයන් අතර මාලිමා ආණ්ඩුව වෙනුවෙන් ඔහුගේ පෙනී සිටීම ගැන දැඩි විවේචනයට ලක්වන්නෙකි.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්..

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි