යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු අවි ආයුධ ලබාදෙන බව
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ නව ගිවිසුමක් අනුව අවි ආයුධ නේටෝවට යවන බවත් පසුව නේටෝව විසින් එය බෙදා හැරිම සිදු කරන බවත් ය. එමෙන්ම ඒ සඳහා වන මුදල් නේටෝව විසින් ගෙවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පේට්‍රියට් බැටරි ඉදිරියට පැමිණෙන මිසයිල හඳුනාගෙන එම මිසයිල සඳහා බාධා පමුණුවන ලොව හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එකක් ලෙස සලකයි.
නේටෝවට අරමුදල් සපයනු ලබන්නේ එක්සත් ජනපදය ඇතුළු එහි සාමාජිකත්වය දරන රටවල් රැසක දායකත්වයන් මගිනි.