පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය මාසයේ සිදු වූ
එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කළ මූලික වාර්තාව එළි දක්වා තිබේ.
අදාළ මූලික වාර්තාව පිටු 15කින් සමන්විතය.
ඒ අනුව ගුවන් යානාවේ ඇන්ජින් තුළට යන ඉන්ධන පාලනය කරන ප්‍රධාන ස්විචයන් RUN ස්ථානයේ සිට, CutOff ස්ථානයට යොමු කොට තිබීම අනතුරට හේතුව බවට මූලිකව අනාවරණය කර ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
එය සාමාන්‍යයෙන් එන්ජින් ක්‍රියා විරහිත කරන පියවරක් වන අතර යානය අනතුරට මොහොතකට පෙර කොක්පිට් හඬ පටිගත කිරීම මඟින් නියමුවන් දෙදෙනා අතර කිසියම් ව්‍යාකූලත්වයක් පෙන්නුම් කර ඇතැයි සදහන් වේ.
එක් නියමුවෙකු තම සගයාගෙන් “CutOff” කළේ මන්දැයි විමසන අතර අනෙක් නියමුවා එසේ නොකළ බව පැවසූ බව වාර්තාවේ දැක්වේ.
එයාර් ඉන්දියා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ අදාළ විමර්ශන සිදුකරන බලධාරීන් සමඟ “සම්පූර්ණ සහයෝගයෙන්” දිගටම අනතුර පිළිබඳ විමර්ශන කටයුතු කරන බවයි.
මෙම අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 260 දෙනෙකු මිය ගිය අතර, දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූයේ බ්‍රිතාන්‍ය ජාතික විශ්වෂ්කුමාර් රමේෂ් ය.
ගුවන් යානය අහසට නගින විට ඇන්ජින් වලට අවශ්‍ය, නියමිත ඉන්ධන ප්‍රමාණය අහිමි වීමෙන් ඒවා ක්‍රියා විරහිත වී ඇති අතර, එයින් යානාවට අවශ්‍ය නියමිත ත්වරණය ලබාගත නොහැකිව යානාව අනතුර සිදුවූ ප්‍රදේශයට කඩා වැටී තිබේ.
මේ පිළිබඳ සිදුකරන පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙමින් පවතී.
dinamina