විශේෂඥ වෛද්‍ය මහේෂි විජයරත්නගේ සිද්ධිය හේතුවෙන් මේ වන විට
රෝහල් ආශ්‍රිතව අර්බුද ගණනාවක් මතු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජයරත්නගේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමිනි.
දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා මෙහි දි රජයෙන් ඉල්ලා සිටියේ දිනෙන් දින උග්‍ර වන රෝහල් අර්බුදය පිළිබඳ අවධානය යොමු කර සද්භාවයෙන් කටයුතු කරන්නේ නම් වඩා යහපත් බවයි.