SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2025 ජූලි 06 වන දින, ධරම්ශාලාව, ඉන්දියාව

 

ටිබේටයේ ආධ්‍යාත්මික නායකයා ලෙස ලොවපුරා ජනතාවගේ වන්දනාවටත් ගෞරවාදරයටත් පාත්‍රව සිටින අති උතුම් දලයි ලාමා වහන්සේගේ 90 වන උපන්දිනය අද දින එනම් ජුලි 6 වන දින ඉන්දියාවේ ධරම්ශාලාහිදි උත්සවාකාරයෙන් සමරන ලදී.

 

 

මෙම සුවිශේෂී අවස්ථාවට ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි, ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුවන බිල් ක්ලින්ටන්, ජෝර්ජ් බුෂ් සහ බැරැක් ඔබාමා සුබ පැතුම් එක්කරන ලදී. තවද, තායිවානයේ ජනාධිපතිතුමන් දලයි ලාමා වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් සුබ පැතුම් එක්කරන ලදී. එමෙන්ම එම ලෝක නායකයින් ටිබේටයට මෙන්ම එහි ජනතාවටත් සහය පළ කරන බව දන්වා සිටියෝය.

 

ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අති උතුම් දලයි ලාමා වහන්සේට සුබ පැතුම් එක්කරමින් සාමය සහ කරුණාවේ උන්වහන්සේගේ පණිවුඩයේ වැදගත්කම සඳහන් කරන ලදී. ටිබේටයේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරකිමින් ඔවුන්ගේ සුවිශේෂී සංස්කෘතිය සහ භාෂාව ආරක්ෂා කර ගැනීමට ඇමරිකාව අඛණ්ඩ සහාය ලබා දෙන බව පවසා සිටියේය. ආධ්‍යාත්මික නායකයෙකු තෝරා ගැනීමේ අයිතිය ජනතාව සතු අයිතිය මෙන්ම ආගමික ස්ථාන රැක ගැනීමේ අයිතියේ වැදගත්කමද එතුමා සඳහන් කරන ලදී.

 

 

එමෙන්ම, අද දින උදෑසන ධරම්ශාලාහිදී පවත්වන්නට යෙදුණු උත්සවයේදි හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, ජෝර්ජ් බුෂ් සහ බැරැක් ඔබාමාගේ විඩියෝ උපන් දින සුබ පැතුම් පණිවුඩද ප්‍රදර්ශනය කරන ලදී.

 

 

 කෙටි විඩියෝ පටයකින් මෙම උත්සව අවස්ථාවට සුබ පැතුම් එක්කළ ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, අති උතුම් දලයි ලාමා වහන්සේ සිය ජීවිත කාලය තුල ලෝකයට සිදු කළ සේවාව අගයමින් ලොව පුරා මිලියන ගණනක ජනතාවට උන්වහන්සේ සිය දේශනා හරහා මග පෙන්වා ඇති බව සඳහන් කළේය. ලෝකය සාමයෙන් සහ කරුණාවෙන් පිරි තැනක් බවට පත් කිරීමට දලයි ලාමා වහන්සේගේ කැපවීම ඉහළින් අගය කරන බවද හිටපු ජනපතිවරයා පවසන ලදී. 

 

හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් විඩියෝ පණිවුඩයක් හරහා, ගැටුම්වලින් පිරි වර්තමාන සමාජයට දලයි ලාමා වහන්සේ වැනි කරුණාවේ නායකයෙකුගේ වැදගත්කම පෙන්වා දෙන ලද අතර ලෝක සාමය උදෙසා උන්වහන්සේගේ අපරිමිත කැප කිරීමට ස්තුති කරන ලදී. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සුබ පැතුම් එක්කරමින් පවසා සිටියේ සාමය, කරුණාව සහ විශ්වීය මානව අයිතිවාසිකම් සුරැකීම උදෙසා උන්වහන්සේගේ අසීමිත කැපවීම පරම්පරා ගණනාවක යනතුරුත් සදා මතකයේ රැඳෙන බවයි. 

 

තායිවාන ජනාධිපති ලායි චින් තේ දලයි ලාමා වහන්සේගේ උපන්දිනයට සුබ පැතුම් එක්කරමින් සාමය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් උන් වහන්සේගේ කැපවීමට ප්‍රශංසා කරන ලදී. සිය කරුණාවේ සහ ඥානයේ ආශිර්වාදයෙන් ලෝක යහපතට උන්වහන්සේ තවඩ්ගුරටත් කැපවෙනු ඇතැයි අපේක්ෂා කරන බව පවසා සිටියේය.

 

 

ඉන්දියානු ජනාධිපති නරේන්ද්‍ර මෝදි සිය රටේ බිලියන 1.4 ක ජනතාව සමග එක්ව දලයි ලාමා වහන්සේගේ 90 වන උපන්දිනයට සුබ පැතුම් එක්කරන ලදී. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා දලයි ලාමා වහන්සේ ආදරයේ, කරුණාවේ, ඉවසීමේ, ශිෂ්ටත්වයේ විශ්වීය සංඛේතය බවත් ලොව පුරා ආගම් ජාති භේදයකින් තොරව ජනතාව උන්වහන්සේට ගෞරව කරන බවද පවසා සිටියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දලයි ලාමා වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ලදී.

 

 

තවද, අරුණාචල් ප්‍රදේශ් මහඇමති තුමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉන්දිය ගායකයින් මෙම අවස්ථාවට එක්වූහ.

 

Source: RFA

 

@බෞද්ධ සහෝදරත්ව පදනම,

පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය,

බියගම, ශ්‍රී ලංකාව

නවතම ලිපි